තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා මාළිගා පොලිස් මුරපොලේ PCගේ බැංකු කාඩ්පතට අනෙක් PC විදලා

    දළදා මාළිගා පොලිස් මුරපොලේ PCගේ බැංකු කාඩ්පතට අනෙක් PC විදලා

    දළදා මාළිගාවේ ආරක්ෂාවට ස්ථාපිත කර ඇති පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයෙක් සහෝදර පොලිස් නිලධාරියෙකුගේ මුදල් පසුම්බියේ තිබුණු බැංකු කාඩ්පත සොරාගෙන රුපියල් 105,000 මුදලක් සොරකම් කර තිබේ.

    ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියට ලද පැමිණීල්ලකට අනුව විමර්ශන පවත්වා බැංකු කාඩ්පත සොරාගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයාව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී ඔහු සතුව තිබී බැංකු කාඩ්පත මෙන්ම සොරාගත් මුදල් වලින් රුපියල් 75,000ක්ද සොයාගෙන තිබේ.

    මෙම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ ය. මෙම කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමටද මහනුවර සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img