fbpx
තවත්
    මුල් පිටුවspecialජුලි මාසයේ ලොව දවන උණුසුමට හේතු ගැන අනාවරණයක්

    ජුලි මාසයේ ලොව දවන උණුසුමට හේතු ගැන අනාවරණයක්

    ලොවපුරා රටවල් රැසකට මේවන විට බලපා ඇති අධික උෂ්ණ තරංග හෙවත් උණුසුම් කාලගුණ තත්තවයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මිනිස් ක්‍රියාකාරම් බව වර්ල්ඩ් වෙදර් ඇට්‍රිබියුෂන් (World Weather Attribution) හී විද්‍යාඥයින් විසින් වාර්තාවක් නිකුත් කරමින් අනාවරණය කරනු ලැබ ඇත.

    ඊයේ (25) දින අදාල විද්‍යාඥයින් විසින් මෙම වාර්තාව නිකුත් කරනු ලැබ තිබිණි. එහිදී ඔවුන් පෙන්වා දෙනු ලැබුවේ ජුලි මාසය පුරාම, පවතින දැඩි කාලගුණ තත්තවය ගොල්යී වශයෙන් දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි.

    එහිදී දැඩි උෂ්ණත්වය චීනය, ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු යුරෝපයේ මෙතෙක් පැවති කාලගුණ වාර්තා බිඳ දැමීමටත්, ලැව් ගිනි අවුලුවාලීටත්, දැඩි නියං තත්ත්වයන් ඇති කිරීමට මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය කිරීමටත් සමත්ව තිබේ.

    මේ අතර මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස නොමැති වූවා නම්, මෙම මාසයේ මෙැවනි අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් ඇති වීම “අතිශය දුර්ලභ” වනු ඇති බව දේශගුණික විපර්යාස පිළිබඳ පර්යේෂණ සිදුකරන World Weather Attribution හි විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    “දේශගුණික විපර්යාසවල බලපෑම් නොමැතිව යුරෝපීය සහ උතුරු ඇමරිකානු කළාපයේ උෂ්ණත්වය මෙලෙස ඉහළයාම සිදුවිය නොහැක්කක් ” යනුවෙන් World Weather Attribution හී අධ්‍යනය වාර්තාව සම්පාදනය කිරීමට එක්වූ කතුවරයෙකු වන රාජකීය නෙදර්ලන්ත කාලගුණ විද්‍යා ආයතනයේ ඉසිඩින් පින්ටෝ මාධ්‍යවේදීන් සමඟ පැවති සාකච්ඡාවකදී පැවසීය.

    මෙහිදී World Weather Attribution හි කණ්ඩායම ඇස්තමේන්තු කර සිටියේ හරිතාගාර වායු සාන්ද්‍රණය ඉහළ යාම නිසා යුරෝපීයට බලපෑ තාප තරංග හේතුවෙන් උෂ්ණත්වය සමාන්‍ය තත්ත්වයට වඩා සෙල්සියස් අංශක 2.5 කින් යුරෝපා කළාපය උණුසුම් වූ බවයි. එමෙන්ම උතුරු ඇමරිකාවේ සෙල්සියස් අංශක 2 කින් සහ චීනයේ සෙල්සියස් අංශක1 කින් උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බවද විද්‍යාඥයින් පෙන්වා දෙයි.

    මෙම අධික උණුසුම් තත්තවය මිනිස් සෞඛ්‍යයට සෘජුවම බලපාන බවත්, අධික තාපය විශාල පරිමාණයේ බෝග හානි සහ පශු සම්පත් හානියට හේතු වී ඇති බවද විද්‍යාඥයින් පවසයි. එහිදී එක්සත් ජනපදයේ ඉරිඟු සහ සෝයා බෝංචි වගාවන්ටද මෙක්සිකෝවේ ගවයන්ද, දකුණු යුරෝපීය රටවල් ඔලිව් වගාවන් මෙන්ම චීනයේ කපු වගාවන් වලට මෙම අධික තාපය දැඩි ලෙස බලපා ඇති බවද විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

    මේ අතර සාමාන්‍ය ගෝලීය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයේ පැවති ගෝලීය උෂ්ණත්ව මට්ටමට වඩා සෙල්සියස් අංශක 2 කින් ඉහළ ගියහොත් සෑම වසර දෙකකට හෝ පහකට වරක් අධික තාපයක් තරංග තත්ත්වයක් ඇති විය හැකි බවට විද්‍යඥයින් විසින් ගණන් කරනු ලැබ ඇත. එමෙන්ම සාමාන්‍ය උෂ්ණත්වය මේවනවිට සෙල්සියස් අංශක 1.1 ට වඩා වැඩි වී ඇති බවද විද්‍යාඥයින් වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.