fbpx
තවත්
    මුල් පිටුවspecialපිටරටවල සරණාගත බව ගන්න සල්ලි විසිකොට කරන හොර වැඩ ගැන හෙළිිදරව්වක්

    පිටරටවල සරණාගත බව ගන්න සල්ලි විසිකොට කරන හොර වැඩ ගැන හෙළිිදරව්වක්

    spot_img

    නීතිවිරෝධී සංක්‍රමණිකයන් සඳහා ව්‍යාජ ලෙස සරණාගතභාවය සහ මානව හිමිකම් ඉල්ලීම් ඉදිරිපත් කිරීම සඳහා නීතීඥයින් පවුම් දහස් ගණනක් අය කරන බවට හෙළිව තිබේ.

    ආර්ථික සංක්‍රමණිකයෙකු ලෙස පෙනී සිටි අයකුට සරණාගත තත්ත්වය ලබා ගැනීමට උපකාර කිරීමට සොලිසිටර් සමාගම්වල කාර්ය මණ්ඩලය පහසුවෙන් එකඟ වූ අවස්ථාවක් මගින් මේ බවට සාක්ෂි තහවුරු කරගත් බව ඩේලිමේල් පුවත් වාර්තා කරයි.

    මෙලෙස ආර්ථික සංක්‍රමණිකයකු ලෙස පෙනී සිට ඇත්තේ ඩේලිමේල් පුවත් ඒජන්සියේ රහසිගත වාර්තාකරුවෙකි.

    ඉහත කී සොලිසිටර් සමාගම මොහුට සරණාගතභාවය ලබාදීමේ නීති කටයුතු මෙහෙයවීමට එකඟ වී ඇත්තේ, තමා කුඩා බෝට්ටුවකින් නීතිවිරෝධී ලෙස එහි පැමිණි බවත්, තමාට එක්සත් රාජධානියේ රැඳී සිටීමට නීත්‍යානුකූල හේතුවක් නොමැති බව ද පැවසූ පසුබිමක දී ය.

    මෙහි ව්‍යාජව පෙනී සිටි සංක්‍රමණික පුද්ගලයා වූ ඉන්දියානු වාර්තාකරුට, සරණාගත අයදුම්පත්‍රය උදෙසා භාවිතා කිරීමට හැකි පරිදි, බිහිසුණු පසුබිමක් සහිත කතාවක් නිර්මාණය කිරීම සඳහා වී.පී. ලිංගජෝති නමැති නීති උපදේශකවරයා එරට මුදලින් පවුම් 10,000ක් ඉල්ලා සිට ඇත.

    මෙම කතාව නිර්මාණයේදී ඊට ලිංගික වධහිංසා, පහරදීම්, වහල් ශ්‍රමය, ව්‍යාජ සිරගත කිරීම් සහ මරණ තර්ජන යන ප්‍රකාශ ඇතුළත් වන අතර එමඟින් ඔහුට සියදිවි නසාගැනීම් සහ එක්සත් රාජධානියට පලා යාම යන කරුණු ඇතුළත් වූ බව ඩේලිමේල් පවසයි.

    සරණාගතභාවය ඉල්ලා සිටීමේ අයදුමට යෙදිය යුතු මෙම කතාවට පිටුබලයක් දීමට හැකි වෛද්‍ය වාර්තාවක් ලබා ගත හැකි බවට ද නීති උපදේශකවරයා පොරොන්දු වී ඇත.

    ඉහත කී අඩන්තේට්ටම්වලට ලක්වීම නිසා එම සංක්‍රමණිකයාට ඇතිවූ මානසික කම්පනය පිළිබඳ ‘සාක්ෂි’ ලෙස වෛද්‍ය වාර්තාවක් සකස් කර දීමටත් නීති උපදේශකවරයා කටයුතු කර ඇති අතර එහිදී අදාළ පුද්ගලයා විෂාදනාශක ඖෂධ භාවිත කළ බවට සනාථ කිරීමටත් හැකි පරිදි එම ඖෂධ නිකුත් කිරීමට ද අදාළ නීති උපදේශකවරයා පසුබිම සකස් කර තිබේ.

    එම වාර්තා එරට ස්වදේශ කටයුතු කාර්යාලයට ලබා දීම වෙනුවෙන් සකස් කෙරේ.

    යළි මව්බිමට පැමිණීම තමාගේ ජීවිතය අනතුරේ බවට එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට බොරු කීමට එකඟ නොවන්නේ නම් තමාට සරණාගතභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් කිරීමට උපකාර කළ නොහැකි බවට රෂීඩ් අහමඩ් ඛාන් යන නීති උපදේශකවරයා පැවසූ බවට සංක්‍රමණිකයා ලෙස පෙනී සිටි රහසිගත පුවත් වාර්තාකරු වාර්තා කර ඇත.

    තවත් ආයතනයක නීතිඥයෙක් පැවසුවේ, සංක්‍රමණිකයා නැවත නිවසට (මව්බිමට) පැමිණියහොත් ඔහුට ‘හිංසාවට හා ඝාතනයට’ සැබෑ බියක් ඇති බව පෙනී යාම සඳහා තමාට ‘සාක්ෂි නිර්මාණය කිරීමට’ සිදුවනු ඇති බවයි.

    තවත් නීතිඥ සමාගමක් තම සමාගම මෙහෙයවූ මෙවැනි සරණාගත නඩු කටයුතුවල 90% කට වඩා වැඩි සාර්ථකත්වයක් ගැන පුරසාරම් පවසා තිබේ.

    මෙවැනි සරණාගත නඩුවකදී භාවිත කරන ‘සියුම් අමුද්‍රව්‍ය’ ලෙස එම නීති සමාගම පවසා ඇත්තේ, වාර්තාකරු මව්බිමේ ජීවිතය ගැන බියෙන් සිටින බව පෙන්වීම සඳහා රාජ්‍ය විරෝධී දේශපාලන පක්ෂපාතීත්වය, වැරදි කුලයක කෙනෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් හෝ සමලිංගික වීම වැනි කරුණු ඇතුළත් විය හැකි බවය.

    තවත් නීති උපදේශකවරුන් දෙදෙනෙක් සංක්‍රමණිකයාට පවසා ඇත්තේ, තමා මිනිසුන් ජාවාරම්කරුවන් විසින් පලවා හරින ලද, පාවා දෙන ලද සහ අතහැර දැමූ ‘මිනිස් ජාවාරමේ වින්දිතයෙකු’ ලෙසට බොරුවට ප්‍රකාශ කරන ලෙසට ය.

    සිය පවුල සමඟ පවුම් මිලියන ගණනක දේපලකට හිමිකම් කියන ලිංගජෝති ඇතුළු බොහෝ නීති ආයතන කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙවැනි සරණාගත නඩුවලින් ධනය සහ කීර්තිය භුක්ති විඳිති, පුද්ගලිකකරණය කළ අංක තහඩු සහිත සුඛෝපභෝගි මෝටර් රථ භාවිත කරමින් තම දරුවන් සැපවත් කරන ඔවුන්ගේ ව්‍යාජ ලියකියවිලි එක්සත් රාජධානි රජයට ඉදිරිපත් කර සරණාගතභාවය ඉල්ලන ඇතැමුන් ඒවා ව්‍යාජ බව ඔප්පුවීමෙන් සිරගත වන බව ද එම පුවත වාර්තා කළේය.

    මෙවැනි කරුණු හෙළිකිරීමකින් එක්සත් රාජධානියේ එක්තරා නීති උපදේශක සමාගමක් වසා දැමීමට ද තවත් කිහිපයක් නීතිමය පියවරයන්ට ද ලක්වී ඇති බවද එම පුවත් වාර්තා කර සිටී.

    ඡායාරූපය – සරණාගතභාවය ලබාගැනීමට අයදුම් කිරීම සඳහා ව්‍යාජ ලෙස ලියකියවිලි සාදාදීමට ඉදිරිපත් වූ නීති උපදේශකයන් තිදෙනෙක්

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img