අද(24) දිනයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට බාධා එල්ල වී තිබේ.
ඒ මරදාන විදුලි බලවේග ධාවනාගාරයේ දුම්රිය එන්ජින් රියදුරුවරුන් විසින් අසනීප නිවාඩු වාර්තාකරමින් දියත් කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙනි.
උපයාගත් අතිකාල දීමනා කප්පාදු කිරීම, නියමිත උසස්වීම් ලබා නොදීම හා අවිධිමත් ලෙස සේවා වාර ධාවනාගාර අතර මාරු කිරීමට විරෝධය දක්වමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක ය.
මේ හේතුවෙන් ඊයේ දින දුම්රිය ගමන්වාර 12ක් පමණ නතර කර දැමීමට ද සිදුවිය.
අද දිනයේද දුම්රිය ගමන් වාර 72කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු වනු ඇති බව පැවසසේ.
මේ වනවිටත් ගමන්වාර 11කට අධික ප්‍රමාණයක් අවලංගු කර ඇත.