ඩුබායි හී රැදී සිටින මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයේ ප්රබලයෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව හෝමාගම දී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා පළාගොස් සැඟවී සිටි වෙඩික්කරු පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව අද අලුයම මරුමුවට පත්විය.
මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකින් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් විශේෂ කාර්ය බලකා මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම වැටලීමකර ඇත්තේ පසුගිය ජුනි 20 වෙනිදා හෝමාගම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන වෙඩික්කරු වූ මාබොදල පදිංචි වයස අවුරුදු 29 ක් වන මානික්කුගේ කසුන් ලක්ෂිත සිල්වා යන අය අත්අඩංගුවට ගැනීමට බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කළේය.
එහිදී වෙඩික්කරු විසින් ටී 56 අවියකින් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් වෙත වෙඩි තබා ඇති අතර, විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් එල්ල කරන ලද ප්‍රති වෙඩිප්‍රහාර හේතුවෙන් සැකකරු තුවාල ලබා මිනුවන්ගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත. විශේෂ කාර්ය බලකාය නිලධාරියකු ද සුළු තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහල වෙත ඇතුල් කළ බවද විශේෂ කාර්ය බලකාය පවයි.
මෙම සැකකරු, සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන දැනට විදේශගතව සිටින මානික්කුගේ නුරේෂ් සුපුන් දයාරත්න නොහොත් හීනටියන මහේෂ් මල්ලි යන අයගේ හා හෝමාගම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන හඳයා යන අයගේ ප්‍රධාන ගෝලයෙකු බව හදුනාගෙන ඇති බවද විශේෂ කාර්ය බලකාය කියයි. .
මෙසේ ඝාතනයට ලක් වූ පුද්ගලයා නාවික හමුදාවෙන් පලා ආ සෙබළෙකු බව හදුනාගෙන ඇත. විශේෂ කාර්ය බලකා සෙබලුන්ට වෙඩි තැබීමට යොදාගත් ටී 56 අවිය සහ පතොරම් ගැබ පොලීසිය විසින් එම නිවසේ තිබී සොයාගෙන ඇත. හෝමාගම වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය මෙයට පෙර නුවරඑළියේ නිවාඩු නිකේතනයක රැදී සිටි හමුදාවේ නිලධාරියෙකු සතුව තිබී සොයාගෙන තිබුණි.
විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් අංශ I හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ මෙහෙයුම් අංශ I හි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.වී.එල්. විජයරත්න මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වෙඩික්කරුව අත්අඩංගුවට ගැනීමට ඊයේ (19) රාත්‍රියේ දී අංක 376/ඒ, මහගම, හොරන්පැලැල්ල ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීම් සිදුකළ බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.