තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගලපිටමඩ වෙඩිතැබීම ඩුබායි මෙහෙයුමක් - 2ක් අල්ලයි

    ගලපිටමඩ වෙඩිතැබීම ඩුබායි මෙහෙයුමක් – 2ක් අල්ලයි

    සිය දරුවා පාසලට ඇරලවා කැබ් රථයකින් නිවස වෙත යමින් සිටි දුනුමාල සරත් නැමැති පුද්ගලයාට ගලපිටමඩ දුනුමාල හන්දිය ආසන්නයේදී ටී 56 අවියකින් වෙඩි තබා ඝාතනයකිරීම ඩුබායි හී රැදී සිටින පාතාල අපරාධකරුවන් දෙදෙනෙකුගේ කොනත්‍රාත්තුවකට අනුව සිදුව ඇති බව හෙළිවී තිබේ.

    පසුගිය 14 වෙනිදා උදෑසන මෙම ඝාතනය සිදුවන අතර ඝාතකයන් පැමිණ ඇත්තේ මට්ටක්කුලියේ සිට බවට තොරතුරු රැසක් අනාවරණය වී ඇත.

    ඒ අනුව මෙම ඝාතනයට ආධාර හා අනුබලදීම සම්බන්ධයෙන් සැකපිට මට්ටක්කුලිය සමිත්පුර පදිංචි පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට සීතාවක කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව ඇත.

    වෙඩික්කරුවන් පරිහරණය කර ඇති දුරකථන සිම්කාඩ්පත් මෙම සැකකරුවන් විසින් ලබාදී ඇති බව අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img