fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩිල්මා සිලෝන් ටී සමාගමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

    ඩිල්මා සිලෝන් ටී සමාගමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත වෙයි

    Dilmah Ceylon Tea Company හි නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අද (20) උදෑසන කොළඹදී අභාවප්‍රාප්ත වී තිබේ.

    අභාවප්‍රාප්ත වන විට ඔහු 93 වැනි වියෙහි පසුවිය.

    වයස අවුරුදු 91 ලබන තෙක්ම ප්‍රනාන්දු මහතා සෑම දිනකම වැඩ කළ අයෙකි. ඔහු වයස අවුරුදු 93 වනතෙක් පිරිසිදු ලංකා තේ ලෝකයට ලබාදීම පිළිබඳ පණිවිඩය ප්‍රචලිත කරමින් සිටියේය.

    ඔහුගේ මෙහෙවර හුදෙක් අනෙක් මිනිසුන්ගේ ජීවිත යහපත් කිරීමට දැඩි ආශාව හා සබැඳී තිබුණි.

    සිය ව්‍යාපාර කටයුතු අතරතුර ද ඔහු, ජාත්‍යන්තරයේ කීර්තිමත් සිලෝන් තේවල ප්‍රමිතියට, මිශ්‍ර කිරීමට ඇතැමුන් දරන උත්සාහයට එරෙහිව සටන් කිරීමට පසුබට නොවීය.

    ඔහු සිය නිෂ්පාදනයේ ප්‍රමිතිය සම්මුති විරහිතව ආරක්ෂා කිරීමට හේතු වූයේ ලංකා තේ වල අනාගතයට ප්‍රතිලාභ ලබා දෙන එකම මාධ්‍යය ලෙස අගය එකතු කිරීම කෙරෙහි ඔහු තුළ තිබූ විශ්වාසයයි.

    අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරිල් මහතාගේ දේහය 2023 ජූලි 21 වැනි සිකුරාදා පෙ.ව.8 සිට පස්වරු 8 දක්වාත්, ජුලි මස 22 වැනි සෙනසුරාදා පෙ.ව. 8 සිට දහවල් 12.00 දක්වාත් අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කර තිබේ.

    අවසන් කටයුතු මීගමුව ශාන්ත මරියා – පල්ලන්සේන පෞද්ගලික ‍සුසාන භූමියේදී භූමදානය සිදු කිරීමට නියමිතය.

    ඔබේ අදහස් දක්වන්න.