සරණාගතයින් ලෙස මෙරටට පැමිණ මීගමුව ඒත්තුකාලේ තාවකාලිකව පදිංචිව සිටින පකිස්තානුවන් 07 දෙනෙකුව මීගමුව පොලීසිය ඊයේ සවස අත්අඩංගුවට ගෙන ඇත.
සරණාගතයෙක් ලෙස මෙරට රැදී සිටින පකිස්තානුවෙකුට කළ පහරදීමක් සම්බන්ධයෙන් සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබේ.
පහරදීමෙන් තුවාල ලැබූ මොහොමඩ් ඉක්බාලි නැමැති පකිස්තානුවා මීගමුව රෝහලට ඇතුලත්කර ඇත.