තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පස්සර OICට පොලීසිය ඇතුලේදීම ප්‍රහාරයක්

    පස්සර OICට පොලීසිය ඇතුලේදීම ප්‍රහාරයක්

    ආරවුල් මුල්කරගෙන අත්අඩංගුවට ගෙන පස්සර පොලීසියේ සිර මැදිරියේ රදවා සිටි තම පියාව බැලීමට පැමිණි තරුණයෙක් විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදී පොලිස් ස්ථානය තුළ යකා නටා ඇත.

    මේ සම්බන්ධයෙන් සැකපිට පස්සර මීරියබැද්ද වැලිවිස්ස පදිංචි 23 හැවිරිදි තරුණයෙකුව පොලීසිය අද අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම තරුණයා පොලිස් ස්ථානයට පැමිණ සිරමැදිරියේ රදවා සිටි පියාසමඟ කතාබහක නිරත වන අතර තුර මවට කථා කිරීම සඳහා ජංගම දුරකථනය පියාට ලබාදී ඇත.

    සිරමැදිරිය තුළට ජංගම දුරකථනයක් ලබාදෙනු දුටු පොලිස් ස්ථානාධිපතිවරයා ඊට දොස් නගා දුකරථනය පොලිස් භාරයට ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී තරුණයා පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදී පොලිස් ස්ථානය තුල කලහාකාරී ලෙස හැසිරී තිබේ. එම අවස්ථාවේදී පොලීසියේ චෝදනාගාරයේ එල්ලා තිබුණු මුහුණ බලන කණ්නාඩියක්ද ගලවාගෙන එයින්ද මෙම තරුණයා පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදී ඇති බව පොලීසිය කියයි.

    මෙහිදී මෙම සැකකරුව පාලනය කිරීමට පොලිස් නිලධාරීන්ට දැඩි පරීශ්‍රමයක් පවා දැරීමට සිදුව ඇත. පොලිස් ස්ථානාධිපතිවරයාට පහරදීම, සාපරාධි බලහත්කාරකම් පෑම, රජයේ දේපොලවලට හානි කිරීම යන චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img