වීඩියෝ දුරකථන සංවාදයක් අතර තුරදී නිල ඇදුමින් සිය ලැම ප්‍රදේශය ප්‍රදර්ශනය කළ පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කිරීමට මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා පියවර ගෙන තිබේ.
මෙම කොස්තතාපල්වරිය මිල්ලනිය පොලිිස් ස්ථානයට අනුුයුක්තව සේවයේ නිරතව සිටියදී 2022 වසරේ අගෝස්තු 12 වෙනිදා දින හෝ ආසන්න දිනකදී කාන්තා භට නිවාසයේදී වීඩියෝ ඇමතුමක් ගෙන ඇය ලැම ප්‍රදර්ශනය කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම වීඩියෝ ඇමතුම පටිගත කල අයෙක් එය මුහුණු පොත සහ වට්ස්ඇප් ඔස්සේ පසුගිය ජූලි 06 වෙනිදා හෝ ඒ ආසන්න කාලයක සිට හුවමාරු කිරීමට පටන්ගෙන තිබේ.
මේ වනවිට මෙම නිලධාරියා සේවයේ නිරතව සිටින්නේ මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව ය.
එබැවින් එම වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වූ මීගමුව සහකාර පොලිස් අධිකාරීවරයා විසින් නිල ඇදුමින් සිය ලැම පෙන්වූ මෙම නිලධාරිනියගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
Photo – File Photo
ව්‍යාජ පුවතක්