fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුජිබර් ආයෙත් මන්ත්‍රීකම ඉල්ලයි

    මුජිබර් ආයෙත් මන්ත්‍රීකම ඉල්ලයි

    සමගි ජන බලවේගය පක්ෂයේ මුජිබර් රහුමාන් මහතා යළි තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ලබා ගැනීමේ අරමුණින් අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වීමට තීරණය කර තිබේ.

    පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඔහු ඉවත් විය.

    මැතිවරණය නොපවත්වන්නේ නම්, තමාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය තමාට යළි හිමි විය යුතු බව මන්ත්‍රීවරයා සදහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට තමා මේ වන විටත් සිය නීතිඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව මුජිබර් රහුමාන් මහතා කියා සිටියි.

    තමා මන්ත්‍රි ධුරයෙන් ඉවත් වූයේ කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තරග කිරීම සඳහා වන බව හෙතෙම කියයි.

    මේ වනවිට පළාත් පාලන ඡන්දය දින නියමයක් නොමැතිව කල් දමා ඇත.

    මෙම මැතිවරණයට තරග කිරීම සඳහා ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට ද ඔවුන්ගේ රැකියාව මෙන්ම වැටුප ද යළි ලබා දීමට රජය තීරණය කර ඇත.

    එබැවින් තමාට ද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සහ ඊට අදාළ වරප්‍රසාද ලබා දිය යුතු බවයි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් මුජිබර් රහුමාන් මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය ඒ.එච්.එම් ෆවුසි මහතාට හිමිවිය.

    ඔබේ අදහස් දක්වන්න.