fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙවුණු මාස හයේදී බදු ආදායම්වල දැවැන්ත වැඩිවීමක්

    ගෙවුණු මාස හයේදී බදු ආදායම්වල දැවැන්ත වැඩිවීමක්

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉකුත් මාස 6ක කාල සීමාව තුළ රුපියල් කෝටි 69694ක ආදායමක් උපයා ඇතැයිද එය ඉකුත් 2022 වසරේ එම කාල සීමාවේ ඉපයූ බදු ආදායමට සාපේක්ෂව 93%ක වැඩිවීමකැයි ද දේශීය ආදායම් කොමසාරිස් ඩී.ආර්.එස්. හපුආරච්චි මහතා පැවසීය.

    වැඩිපුර ඉපයූ බදු ආදායම රුපියල් කෝටි 33511ක් බවද කොමසාරිස් ජනරාල්වරයා කීය.

    බදු ප්‍රතිපත්ති වෙනස් වීම, රටේ ආර්ථීකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබීම සහ බදු පරිපාලනය කාර්යක්ෂම වීම නිසා එලෙස ඉහළ බදු ආදායමක් උපයා ගැනීමට හැකි වූ බව ද හපුආරච්චි මහතා පැවසීය.

    ඔබේ අදහස් දක්වන්න.