තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුරු අධ්‍යාපනඥ සේවා විභාග සමතුන්ට හැඳි 2කින් බෙදලා

    ගුරු අධ්‍යාපනඥ සේවා විභාග සමතුන්ට හැඳි 2කින් බෙදලා

    ගුරු අධ්‍යාපනඥ සේවයට නිලධාරීන් බදවා ගැනීම සඳහා විවෘත තරග විභාගය පවත්වා වසර දෙකක් ගත වී ඇතත් තවමත් බඳවා ගැනීම සිදුකර නැතැයි එම විභාගයට පෙනී සිටි අපේක්ෂකයෝ පවසති.

    ගුරු අධ්‍යාපනඥ සේවයට නිලධාරීන් බදවා ගැනීමේ විවෘත තරඟ විභාගය ඉකුත් 2021 අප්‍රේල් මස 25 වැනි දා පැවැත්වූ අතර එහි ප්‍රතිඵල 2022 වසරේ මාර්තු මස 4 වැනි දින නිකුත් කළ බව ද ඔවුහු පවසති.

    එහෙත් විවෘත තරඟ විභාගයට පසුව පැවැත්වූ ගුරු අධ්‍යාපනඥ සේවයට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගයේ සමත් වූවන් ලබන සතියේ සම්මුඛ පරීක්ෂණ වලට කැඳවා තිබෙන බවද එම අපේක්ෂකයෝ කියති.

    එකම සේවාවකට නිලධාරින් බදවා ගැනීමේදී සීමිත විභාගයේ අපේක්ෂකයින්ට සහ විවෘත තරඟ විභාගයේ අපේක්ෂකයින්ට ආකාර දෙකකට සැලකීම නිසා තමන් අසාධාරණයට ලක්ව සිටින බවද ඔවුහු පවසති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img