fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුම ප්‍රමාද වූ අයට වාරික දෙකක් එකට ගෙවයි

    අස්වැසුම ප්‍රමාද වූ අයට වාරික දෙකක් එකට ගෙවයි

    අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන්ගේ අභියාචනා හෝ විරෝධතා හේතුවෙන් කිසියම් පවුල් ඒකකයකට ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාද වන්නේ නම් ඔවුන්ට ජූලි සහ අගෝස්තු යන වාරික දෙකම එකවර ලබා දීමට කටයුතු කරනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    අස්වැසුම ලැයිස්තුවේ නම් ඇතුළත් කණ්ඩායම වෙත ජූලි මාසය තුළ සිය අස්වැසුම ප්‍රතිලාභය හිමි වනු ඇති බව හෙතෙම කීය.

    සමෘද්ධීලාභීන් අතරින් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කළ පවුල්වලින් 70%ක් අස්වැසුම ප්‍රතිලාභී ලැයිස්තුවට ඇතුළතව ඇති අතර, 1,680,000 වූ සමෘද්ධි සහනාධාරය හිමි පවුල් සංඛ්‍යාව ඉක්මවා අස්වැසුම මගින් පවුල් ලක්ෂ 20 කට සහන සැලසෙනු ඇත.

    මීට අමතරව ආබාධිත, වකගඩු සහ වැඩිහිටි යන දීමනා ද සාමාන්‍ය පරිදි පුද්ගලයන් ලක්ෂ 5 කට අධික ප්‍රමාණයකට ලැබීමට නියමිතය.

    සමෘද්ධිලාභී පවුල් අතරින් 1,280,747 ක් අස්වැසුම ප්‍රතිලාභ සඳහා අයදුම් කර ඇති අතර ඉන් 70%ක්, පවුල් 887,653ක් සුදුසුකම් ලබා සිටියි.

    ඒ අනුව අළුතින් පවුල් ලක්ෂ 11 ක් “අස්වැසුම” වැඩසටහන තුළ සහනාධාර ලැබීමට සුදුස්සන් ලෙස හදුනාගෙන ඇත.

    මෙතෙක් සහනාධාරලාභින්ගෙන් නුසුදුස්සන්ගේ නම් පමණක් ඉවත්ව ඇත. කෙසේවෙතත් සුදුසු පවුලක් අසාධාරණයට පත්ව ඇත්නම් එය නිවැරදි කිරීමට කටයුතු කරණු ඇත.

    මෙතෙක් අභියාචනා 990,000ක් සහ විරෝධතා 70,000ක් ලැබී ඇත.

    ඔබේ අදහස් දක්වන්න.