තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවකට අතුරු තහනමක්

    ක්‍රීඩා ඇමතිගේ ගැසට්ටුවකට අතුරු තහනමක්

    ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති රිස්ලි ඉලියාස් මහතාගේ සහ එම ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

    ඒ රග්බි ආයතනයේ සභාපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ රිට් පෙත්සමක තීන්දුව දෙමිනි.

    අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

    මෙම අතුරු නියෝගය පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img