fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු දෙන චක්‍රලේඛය ඇවිත්

    රාජ්‍ය නිලධාරීන්ට වැටුප් රහිත නිවාඩු දෙන චක්‍රලේඛය ඇවිත්

    ජ්‍යෙෂ්ඨතාවට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය/ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් වී තිබේ.

    ජ්‍යෙෂ්ඨතාවයට හා විශ්‍රාම වැටුපට හානියක් නොවන සේ රාජ්‍ය නිලධාරීන්ට දේශීය හෝ විදේශීය වැටුප් රහිත නිවාඩු ලබා දීම පිළිබඳ මෙහිදී අවධානය යොමු වෙයි.

    රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත්සභා හා පළාත්පාලන අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා වන යෝජනාව පසුගිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලදි.

    ඒ පිළිබඳ සලකා බැලූ කැබිනට් මණ්ඩලය මේ සඳහා වන සිය අනුමැතිය ලබා දී ඇත.

    ඒ අනුව 2023/07/13 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2022(III) යටතේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එන් .රංජිත් අශෝක මහතාගේ අත්සනින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

    එම චක්‍රලේඛය පහතින්

    1689245710-14-2022-iii-e

    ඔබේ අදහස් දක්වන්න.