තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අතුරුදන් ලාංකික තරුණයාගේ යැයි සැක සිරුරක් ඇට්ලන්ටාවෙන් හමුවෙයි

    අතුරුදන් ලාංකික තරුණයාගේ යැයි සැක සිරුරක් ඇට්ලන්ටාවෙන් හමුවෙයි

    ජේර්ජියාවේ ඇට්ලන්ටාහි ජූලි 2 වන දින අතුරුදහන් වූ බව වාර්තා කරන ලද ශ්‍රී ලාංකික තරුණයකු මියගොස් ඇති බවට කෙනසෝ පොලිස් දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ.

    ඔහුගේ LinkedIn පිටුවට අනුව, නවරත්න 2022 මැයි මාසයේ සිට මෝර්ගන් ස්ටැන්ලිහි මූල්‍ය සේවා නියෝජිතයෙකු ලෙස සේවය කර ඇත.

    හසිත් නවරත්න අවසන් වරට අසන්නට ලැබුණේ ජූලි 2 ඉරිදා බවත් ඔහු ඇට්ලන්ටා බලා යන බවට ප්‍රකාශ කර තිබූ බවත් කෙනසෝ පොලිසිය, ජුලි 8 අතුරුදහන් වූවන් පිළිබඳ දැනුම්දීමකින් ප්‍රකාශ කර තිබුණි.

    අවසන් වරට නවරත්න මහතා සුදු පැහැති ලෙක්සස් ආර්එක්ස් 350 වර්ගයේ මෝටර් රථයක් පැදවූ බව ද පොලිසිය කියයි.

    පසුගිය බදාදා, ඇට්ලන්ටා හි මරණ පරීක්ෂණයක් සිදු කරන ස්ථානයේ නවරත්න මහතාගේ යැයි සැකකරන සිරුරක් සොයා ගත් බව ඇට්ලන්ටා පොලිසිය විසින් දැනුම් දී ඇති බව කෙනසෝ පොලිසිය පවසයි.

    ‘ඔවුන්ගේ මරණ පරීක්ෂණ ස්ථානයෙන් හමුවූ සාක්ෂි අනුව මියගිය පුද්ගලයා නවරත්න මහතා බව පෙනේ’ යනුවෙන් කෙනසෝ පොලිසිය කියා සිටී.

    ‘අපි ෆුල්ටන් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලයෙන් අනන්‍යතාව තහවුරු කරන තෙක් බලාසිටිමු.’ යැයිද පොලීසිය පවසයි.

    ඇට්ලන්ටා පොලිසියෙන් දෙපාර්තමේන්තුවට කළ එම දැනුම් දීමෙන් පසු බදාදා කෙනසෝ පොලිසියේ BOLO නිවේදනය අවලංගු කරන ලදී.

    BOLO යනු ‘සෝදිසියෙන් සිටින්න’ යන්නට භාවිත කරනු ලබන කෙටි යෙදුමකි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img