fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අස්වැසුමට අභියාචනා -විරෝධතා ගැනීම හෙටින් අවසන්

    අස්වැසුමට අභියාචනා -විරෝධතා ගැනීම හෙටින් අවසන්

    ‘අස්වැසුම’ සුබසාධන ප්‍රතිලාභීන්ගේ අභියාචනා සහ විරෝධතා ගොනු කිරීමේ කාලය හෙටින්(10) අවසන් වීමට නියමිතව තිබේ.

    මේ වනවිට අභියාචනා සහ විරෝධතා ලක්ෂ 09ක් පමණ ලැබී ඇති බව වාර්තා වේ.

    දිවයිනම ආවරණය වන අයුරින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභීන් තෝරාගැනුණි.

    මෙම වැඩසටහන දියත් කිරීමත් සමඟ ප්‍රතිලාභීන්ගේ නාමලේඛනය තුළ, ආර්ථික අපහසුතාවලින් පසුවන තමන්ගේ නම් එහි නොමැති බව පවසමින් බොහෝ පිරිස් චෝදනා කොට තිබුණි.

    ඒ අනුව අභියාචනා සහ විරෝධතා ගොනු කිරීම සඳහා රජය විසින් හෙට දිනය දක්වා කාල සීමාවක් ලබා දී තිබුණි.

    ඔබේ අදහස් දක්වන්න.