fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ෆේස්බුක් වයිරල් යන වීඩියෝවලට කෙල්ලො කොල්ලෝ අහුවුණ හේතුව ඇමති මනූෂ කියයි

    ෆේස්බුක් වයිරල් යන වීඩියෝවලට කෙල්ලො කොල්ලෝ අහුවුණ හේතුව ඇමති මනූෂ කියයි

    පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදුන්නේ නම්, ෆේස්බුක් සමාජ ජාලය තුළ අද දකින ඇතැම් වීඩියෝ දකින්නට නොවෙන බවත්, තරුණ තරුණියන් ඒවාට හසුනොවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    “පාසල් ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදෙන්න හතේ පොතට පාඩමක් දැම්මාම ඒකට මොන තරම් විරෝධයක් ආවාද? මේවා නැති කරපු නිසා තමයි ඔය ෆේස්බුක් එකෙන් මතුවෙන එක එක දේවල් මතුවෙන්න හේතුව. මේ අධ්‍යාපනය නැති කරපු එක. එකක් ජපානයෙන් මතුවුණා. ඊට පස්සේ තව එකක් මතුවුණා. නිසි වයසේදී විධිමත් ආකාරයට ලිංගික අධ්‍යාපනය ලාබාදීලා තිබුණා නම් අපේ කොල්ලෝ මේවට අහුවෙන්නේ නෑ. අපේ තරුණ තරුණියන් මේවාට අහුවෙන්නේ නෑ. විවෘතව මිනිස්සුන්ට හිතන්න පුලුවන් වෙනවාට සමහරු කැමැති නෑ. ඒ නිසා එදා කරන්න හදපු දේවල් විනාශ කළා.

    කාන්තාවන්ගේ ඇදුම් ගලවල වීඩියෝ කරනවා. මම එතැන හිටපු ශ්‍රමණ වේශධාරියා ගැන කතා කරන්නේ නෑ. ඒත් තරුණියෙක්ගේ ඇදුම් ගලවලා වීඩියෝ කරන තරමට මේ සමාජයේ ආර්ථිකය විතරක් නෙමෙයි, සමාජයම විනාශ කළා. මනුස්සකම නැති කළා. පාරේ යන මිනිස්සු මරලා දාන තැනට මනුස්සකම නැති කළා. මේවාට වග කියන්න ඕන පහුගිය කාලයේදී රටේ ආර්ථිකය විනාශ කරන්න දායක වුන අයම තමයි.

    අනවශ්‍ය විදියට හාමුදුරුවන් දේශපාලනයට අරගෙන ආවා. නයි ධාතු වඩම්මන්න, පොහොට්ටු පුප්පන්න හාමුදුරුවෝ අරගෙන ඇවිත් සංස්කෘතිය, සමාජය ආර්ථිකය සියල්ලම විනාශ කළා. අපේ රටේ දරුවන් වෙනුවෙන්, අපේ රටේ මිනිස්සු වෙනුවෙන්, නැවත වතාවක් අහුවෙන්නේ නැතිව රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන වැඩපිළිවල ඉදිරියට ගෙන යන්න සහාය දෙන්න ඕන.”

    කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සංවිධානය කර තිබූ කුලියාපිටිය එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම අද (08) දිනයේදී පැවති අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

    “ගෝඨාභය පත් නොවුනානම්, චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ මේ රටේ ජනාධිපති නොවුනානම්, මේ රට මේ තරම් ආර්ථික ආගාධයකට ඇද වැටුනේ නැතිනම් මේ ර්ටේ කාටවත් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අගය තේරෙන්නේ නෑ. එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට බැනපු, චෝදනා කරපු මිනිස්සු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද කියන්නේ අපිට වැරදුනා කියලයි. අපිට මීට කලින් රට සාමාන්‍ය තත්වයෙන් පැවති හැම වෙලාවකම අපේ නායකතුමා මේ දේවල් කරන්න හදන විට කකුලෙන් ඇද්දා. බදු පැනෙව්වම බදු කපනවා කියලා ඡන්දේ ගත්තා. පොහොරවලට දුන්න සහනාධාරය නැති කළාම පොහොර සහනාධාරයක් දෙන්නම් කියලා ඡන්දේ ගත්තා. ඒ වගේ ඡන්දය ගැනීම වෙනුවෙන් පොරොන්දු දෙන, මිනිස්සු රවට දේශපාලනය අවසන් වන තරමට මිනිස්සු හෙම්බත්වෙලා ඉන්නේ. හරි මාවතක, ගමනක් යන්න පුලුවන් වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා එක්ක පමණයි කියන එක මිනිස්සු තේරුම් අරගෙන ඉවරයි.

    තෙල්, බෙහෙත්, ගෑස් නැතිව මිනිස්සු පෝලිම්වල මැරෙන්න යන වෙලාවේ අපි කෑ ගහලා කිව්ව වගේ සජිත් ප්‍රේමදාස මහත්තයා රට භාරගත්තා නම් මොකද වෙන්නේ? එදා අගමැතිධූරය භාර නොගැනීම සම්බන්ධයෙන් අපි අත් දෙකම උස්සලා ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු එදා අගමැතිධූරය භාරගත්තා නම් මේ රට මෙහෙම ගොඩ ගන්න ලැබෙන්නේ නෑ. පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු ත්‍රාඩයින් හරවලා යවන්න ඔහුට පුලුවන් වේවිද? අපි අපේ මිනිස්සුන්ගේ දේවල් බලාගන්නම් කියලා ඇමරිකාවට, එංගලන්තයට, කැනඩාවට කියන්න පුලුවන් වේවිද? අපේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සියල්ලටම වඩා වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? හැම දේටම වඩා මට මගේ රටේ මිනිස්සුන්ගේ ජීවිත වැදගත් කියලා කියන්න පුලුවන් වේවිද? සජිත් ප්‍රේමදාසටග එහෙම කියන්න කොන්දක් නෑ. ඒ කොන්ද තිබුනේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. මේ රට ගොඩ නැගීමේ සිහිනය, මේ රට සංවර්ධිත රටක් බවට පත් කරනවා කියන අදිශ්ඨානය හැර දෙන කිසිවක් එතුමට තිබුණේ නෑ. හතර වටෙන් වට කරලා ගහද්දී, ගේ ගිනි තියද්දීත්, මේ ර්ටේ මිනිස්සුන්ගේ ජීවිත වටිනවා කියලා හිතන නිසා තමයි එතුමා මේ අභියෝග භාරගත්තේ.

    එතුමා මේ අභියෝගය භාරගත්තේ නැතිනම් කී දාහකගේ ගෙවල් ගිනි තියලද? අද පාර්ලිමේන්තුවක් නෑ. රට පාලනය කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්. මේ තතව්ය වෙනස් කරලා රට අද තියෙන තත්වයට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා.

    දැන් අපි මේවා කරගෙන යනකොට එක එක අය, එක එක කතා කියනවා. ණය ප්‍රතිව්‍යුහගතකරණය කරපු වෙලාවේ නාලක ගොඩහේවා මහත්තයා එක එක කතා කිව්වා. විනිමය සුරකුම්පත් කොමිසමේ තිබුණ ප්‍රශ්ණ, ක්‍රිෂ් ගනුදෙනුව වෙලාවේ තිබුණ ප්‍රශ්ණ මතකද? ගෝඨාභය රාජපක්ෂ ගෙනාපු වියත්මගේ නායකයා ඇවිත් දැන් කියනවා ණය ප්‍රතිව්‍යුහතකරණය කළාට පස්සේ පොඩි පොඩි ප්‍රශ්ණ වෙනවා කියලා, ණය ප්‍රතිව්‍යුහගතකරණය කළේ නැතිනම් මෙකකද වෙන්නේ? ජී.එල්. පීරිස්ලාත් ඔය එක එක කතා කියනවා. රාජපක්ෂලා කරපු හැම එකටර යර්ස් යර්ස් කියපු අය තමයි මේ.

    දේශපාලනයේ විවිධ ප්‍රතිපත්ති තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් තමයි දේශපාලනය ඉගෙන ගත්තේ. නැතිනම් ප්‍රේමදාස මහත්තයා නැතිවුන වෙලාවේ ලංකාවට ගොඩ බැහැලා දැන් මගේ අම්මා ජනාධිපතිධූරයේ දිවුරුම් දෙන්නේ නැද්ද කියලා අහන්නේ නෑ නේ. ඒ තරම්වත් ව්‍යවස්ථාව දැනගෙන හිටියේ නෑ. දැන් ඔහු සමග ඉන්න හැමෝම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය. අපේ පක්ෂයේ ප්‍රතිපත්තිවල හිටපු අය. එහෙම තිබියදී අද සජිත් ප්‍රේමදාසගේ උපදේශකයෝ වෙලා තියෙන්නේ, නාලක ගොඩහේවලා. ජී.එල්.පීරිස්ලා. ඩලස් අලහප්පෙරුමලා.

    එදා පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත් වුනේ පක්ෂයට ජනාධිපතිවරයෙක් පත් කරන්න. අද එක්සත් ජාතික පක්ෂයට ජනාධිපතිවරයෙක් ඉන්නවා. ඒ ජනාධිපතිවරයා රට හදනවා. එක්සත් ජාතික පක්ෂය නැවත ශක්තිමත් කරන ගමන අපි ආරම්භ කරනවා.

    පහුගිය කාලයේ අර්ථසාධකය ගැන කියපු කතා බිද වැටිලා. රටේ තිබුණ පරණ කම්කරු නීතිය වෙනස් කරලා අපි අලුත් කම්කරු නීතියක් ගේන්න අපි දළ පනත් කෙටුම්පත ගිය සතියේ ඉදිරිපත් කළා. පරණ කම්කරු නීතියේ තිබුණේ ඡන්ද ගන්න පුලුවන්, තමන්ට වාසි වෙන දේවල් විතරයි. හැබැයි දැන් අපි වාසි අවාසි බලන්නේ නෑ. රටේ යහපත, මිනිස්සුගේ යහපත වෙනුවෙන්, රට දියුනු කරන්න ඕන විදියට අපි මේ අන පනත් අරගෙන එනවා. ඒකටත් අර අර්ථසාධක අරමුදලට කියපු කතාම කියන්න පටන් ගනීවි. ඒත් අපි යන ගමන අපි යනවා.

    එදා 1990 ගිලන් රථ ගෙනාපු වෙලාවේ කියපු කතා ටික මතක් කරලා බලන්න. පාසල් ළමුන්ට ටැබ් දෙන වෙලාවේ මොන තරම් කතා කිව්වද? ටැබ් දුන්නොත් වද වෙනවා ඒ නිසා ටැබ් දෙන්න එපා කිව්වා. එම්.සී.සී. ගිවිසුම ගෙනාපු වෙලාවේ රට දෙකට බෙදෙනවා කියලා බිල්ලෙක් මවා පෑවා. ජපානයෙන් එන්න තිබුණ සැහැල්ලු දුම්රිය බොරු කතා කියලා ඒක නැති කරලා දැම්මා. එක්සත් ජාතික පක්ෂය රට හදන්න හදපු හැම වෙලාවකම කකුලෙන් ඇදලා දැම්මා. ඒ නිසා තමයි මම දැන් කියන්නේ රැවටෙන්න එපා කියලා.

    ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා විවෘත ආර්ථිකය ගෙනාපු වෙලාවේ නොයෙක් දේවල් කිව්වා. සුද්දියොන්ට ජංගි මහනවා කිව්වා. රට වටේ කර්මාන්ත ශාලා ආරම්භ කළා. භූමිතෙල් ගද ගහන ඇදුම් වෙනුවට මිනිස්සුන්ට හොද ඇදුමක් අදින්න පුලුවන් කම ලැබුණා. දක්ෂතාවය, හැකියාව තියෙන මිනිහට දියුණු වෙන්න පාර කැපුවා. දැන් චීනයේ ඉන්න ජනාධිපති ශී ජින් පින් තරුණ නායකයෙක් විදියට ලංකාවට ඇවිත් විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වන හැටි ගැන අධ්‍යයනය කළා. ඒ වන විට බ්‍රිතාන්‍යයේ මාර්ගටි තැචර්වත් විවෘත ආර්ථිකය අරගෙන ඇවිත් තිබුණේ නෑ. අපිට පස්සේ විවෘත ආර්ථිකය හදුන්වාදුන්න රටවල් වේගයෙන් දියුණු වෙද්දී, වමේ කුහකත්වය නිසා, වෛරය, ජාතිවාදය අවුස්සලා රට පස්සට ඇදලා දැම්මා .

    2048 ගැන ජනාධිපතිතුමා කියන විට සමහරු හිනා වෙනවා. එතුමා මේ සැලසුම් කරන්නේ මේ ර්ට් ඉන්න පුංචි දරුවන්ට දියුණු රටක ජීවත්වීමට අවස්ථාව දෙන්නයි. එක්සත් ජාතික පක්ෂය කියන්නේ තමන් කරපු වැඩ කෑ ගහලා කියපු පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කී දෙනක් ජනතා විමුක්ති පෙරමුණ විසින්, එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මරලා දැම්මාද? අපේ සංවිධායකයින්, අපේ ක්‍රියාකාරීන් කී දෙනෙක් එක්සත් ජාතික පක්ෂය විසින් මරලා දැම්මාද? මගේ තාත්ත මරලා දැම්මේ ජනතා විමුක්ති පෙරමුණ විසින්. තමන් කියන දේ අහන්නේ නැහැ කියලා වෙඩි තියලා මරලා දැම්මා. අපි කරපු කැපවීම් විශාලයි. එකසත් ජාතික පක්ෂය කරපු කැපවීම් අති විශාලයි. ඒ පක්ෂය තමයි හෙට දවසේ මේ රට ගොඩ ගැනීමේ සටනට නායකත්වය දෙන්නේ. රට හදන්න කැමැති, මිනිස්සු රටවනවා වෙනුවට ඇත්ත කියලා යතාර්ථය පෙන්වලා දෙන්න කැමැති සියලුම පක්ෂවලට, සියලුම කණ්ඩායම්වල සහයෝගය අරගනෙ පක්ෂ දේශපාලනය පැත්තකට දාලා රට ගොඩ නගන ගමන තමයි අපි මේ ආරම්භ කරලා තියෙන්නේ.”

    ඔබේ අදහස් දක්වන්න.