තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ONE GALLE FACE ආපන ශාලා සේවක ගැටුමින් අයෙක් මරුට

    ONE GALLE FACE ආපන ශාලා සේවක ගැටුමින් අයෙක් මරුට

    ONE GALLE FACE සාප්පු සංකීර්ණයේ බිම් මහලේ පිහිටි අයිස්ක්‍රීම් වෙළඳාම මුල්කරගත් ආපන ශාලාවක සේවයේ නිරත ඉන්දියානු සේවකයින් දෙදෙනෙක් අතර ඇතිවුණු ගැටුමක් දුරදිග යමින් එක් සේවකයෙක් විසින් තවත් සේවකයෙකුට පිහියෙන් ඇන ඝාතනයකර තිබේ.

    මෙම වෙළඳ සැල ඉන්දියානු ආයතනයකි. එහි සේවයේ නිරතව සිටින්නේ ඉන්දියානුවන්ය.

    මෙම ඉන්දියානුවන් නවාතැන් ගෙන සිටින්නේ කොම්පඤ්ඤවීදියේ පිහිටි බෝඩිමකටය. එහිදී ඇතිවුණු යම් ගැටුමක් දුරදිග යමින් ඊයේ සවස් කාලයේදී වෙළඳ සැල තුළදී සේවකයින් දෙදෙනා අතර බහින්බස් වීමක් ඇති වී තිබේ. එහිදී එක් සේවකයෙක් විසින් අනෙත් සේවකයාට පිහියෙන් ඇන ඇතැයි පොලීසිය කියයි. රෝහල්ගත කිරීමෙන් පසු පිහිඇනුම්කෑ සේවකයා මියගොස් ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ අජෙයි නැමැති 28 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. සැකකරු විනෝද සංකර් නැමැති 29 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුව කොටුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img