පුද්ගලික ආයතනයක සේවයේ නිරත කොස්ගම පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක් රුවන්වැල්ල අගුරුවැල්ලේ පදිංචි 54 හැවිරිදි කතක් සමඟ අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත්තේ කාලයක් තිස්සේය.
මේ දෙදෙනාම විවහාකයින්ය. දෙදෙනාමට දරුවන්ද සිටින බව පැවසේ. එහෙත් අනියම් පෙමට මේ කිසිවක් ඔවුන්ට බාධාවක් නොවීය.
අනියම් සැමියා කොස්ගම සිට ඊයේ අගුරුවැල්ලට යන්නේ සිය අනියම් පෙම්වතිය හමුවන්නටය. ඔහු යන්නේ ඇගේ නිවසටය. ඒ වන විට නිවසේ කිසිවෙක් නොවීය. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමට සිතන පෙම්වතා ඇය සමඟ එකට සිටීමට ගන්නේ දැඩි උත්සයකි.
ඊට පෙම්වතියගේ එතරම් කැමැත්තක් නොවූවාය. ඇය සිය අකමැත්ත ප්‍රකාශකරද්දීම ඔහු ඇයව බලහත්කාරයෙන් ඊට පොළඹවා ගැනීමට උත්සහා ගත්තේය. ඇයට මේ ගැන ඇතිවන්නේ දැඩි තරහකි. ජනේල් රෙද්ද අතට ගත් ඇය එයින් පෙම්වතාගේ ගෙල සිරකළාය. ඒ ඔහුගේ ග්‍රහණයෙන් මිදීමටය. අවසානයේදී සිදුවන්නේ පෙම්වතා ඇය අතින් ඝාතනය වීමය.