fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දැඩි සුළගින් දාගොන්නේ විහාරස්ථානයකට හා නිවාස 55කට හානි

    දැඩි සුළගින් දාගොන්නේ විහාරස්ථානයකට හා නිවාස 55කට හානි

    අධික සුළං තත්ත්වය හේතුවෙන් කටානේ ග්‍රාම සේවා වසම් 03ක විහාරස්ථානයක් සහ නිවාස 55කට ඊයේ සවස හානි සිදුව ඇත.

    දාගොන්න උතුර, දාගොන්න නැගෙනහිර සහ පලුගහවෙල කටුවැල්ලේගම යන ග්‍රාම නිලධාරී වසම්වල පිහිටි නිවාස වලට මේසේ සුළං හේතුවෙන් හානි සිදුව තිබේ.

    ගස්කඩාවැටීම් හේතුවෙන් නැගෙනහිර ගොඩැල්ල ශ්‍රී දේවානානන්දාරාම විහාරස්ථානයේ ආවාස ගෙය , බණ මඩුව හා තවත් ගොඩනැගිලි කිහිපයකටද හානි සිදුව ඇත.

    මෙම සුළං තත්ත්වයෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැති බව කටාන පොලීසිය කියයි

    ඔබේ අදහස් දක්වන්න.