විවිධ පාර්ශ්ව සමග එක්ව ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාවට නංවමින් අන්‍යොන්‍ය ප්‍රතිලාභ සහිත සහයෝගිතා පුළුල් කිරීමට චීනය සූදානම් බව, ජනාධිපති ෂී ජින් පිං මහතා කියාසිටී.
හෙතෙම මේ බව පැවසුවේ, 4 වැනිදා පැවති, ශැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ 23 වන රැස්වීමට මාර්ගගතව එක්ව පැවැත්වූ දේශනයේ දී ය.
ආර්ථික වර්ධනය පුළුල් කිරීම, කලාපීය රටවල පොදු කාර්යය බවට පත්ව ඇතැයි ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.
ගෝලීය සංවර්ධන මුලපිරුම මගින්, සංවර්ධන ප්‍රතිඵල සමාන අයුරින් ලෝකවාසී ජනතාවට හිමිවනු ඇත.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, පොදු සංවර්ධනය හා විවිධ රටවල සංවර්ධන උපායමාර්ග ශක්තිමත් කරමින් වෙළඳ හා ආයෝජන සඳහා පවතින නිදහස් වාතාවරණය මනාව ප්‍රවර්ධනය කළ යුතු ය.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළේ 10 වැනි සංවත්සරය මේ වසරට යෙදේ. තුන්වැනි එක් තීරයක් එක් මාවතක් ජාත්‍යන්තර සහයෝගිතා සාකච්ඡා සභාව චීනය සංවිධාන කරනු ඇත.
එම සාකච්ඡා සභාවට එක් ව, ලොවට සුබසෙත සැලසීමේ ප්‍රයත්නයට දායක වන්නැයි විවිධ පාර්ශ්වයන්ට ඇරයුම් කරන බව ද ෂී ජින් පිං මහතා කියාසිටියේය.