තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දීර්ඝ විරාමයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳ‍පොළේ සුවිශේෂී පිබිදීමක්

    දීර්ඝ විරාමයෙන් පසුව කොළඹ කොටස් වෙළෙඳ‍පොළේ සුවිශේෂී පිබිදීමක්

    අඛණ්ඩ දින 5 ක විරාමයකින් පසුව අද යළි ආරම්භ වූ කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් අද (04) දිනයේ දී වාර්තා වී තිබේ.

    ගෙවුණු දීර්ඝ සති අන්තය අළලා මෙරට බැංකු පද්ධතියට එක් දිනක අතිරේක නිවාඩුවක් රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද අතර ඒ අනුව දින 5 ක දීර්ඝ විරාමයක් සියලු බැංකු වෙත හිමි විය.

    ඒ දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහායි.

    ඊට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දින 5 ක විරාමයක් හිමිවිය. ‌

    කෙසේවෙතත් අද යළි ක්‍රියාත්මක වූ කොළඹ කොටස් වෙළඳපොළ ලැයිස්තුගත බැංකු සහ මූල්‍ය සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් අද දින කැපීපෙනෙන ලෙස ඉහළ යන ලදී.

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (04) දින ගනුදෙනු අතරවාරයේ දී ඒකක 10,000 සීමාව ඉක්මවීය.

    අද මධ්‍යහ්න පසු වී කෙටි වේලාවක් ගතවෙද්දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000 සීමාව පසුකර ගියේය.

    ඒ වන විට ඒකක 559,28 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබුණි.

    එවිට සටහන් වී තිබුණු ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.23 ඉක්මවීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img