තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පේරේ බලන්න ඇවිත් හන්තානේදී බඹර ප්‍රහාරයට කට ලක්වූ සරසවි සිසුන් 42ක් රෝහලේ

    පේරේ බලන්න ඇවිත් හන්තානේදී බඹර ප්‍රහාරයට කට ලක්වූ සරසවි සිසුන් 42ක් රෝහලේ

    පාදුක්ක මීපේ පිහිටි (SLTC) විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසක් පෙරාදෙණිය විශ්වවිද්‍යාලය නරඹා ඊයේ හන්තානය කඳුතරණය කිරීමටගොස් සිටියදි බඹර ප්‍රහාරයකට ලක්ව ඇත.

    මෙහිසී බඹරුන්ගේ පහරකෑමට ලක්වූ සිසුවියන් 15 දෙනෙක් සහ සිසුන් 27 දෙනෙක් මහනුවර මහා රෝහලට ඇතුලත්කර තිබේ.

    සිසු සිසුවියන් 276 දෙනෙකුගේ කණ්ඩායමක් මෙම සංචාරය සඳහා සහභාගිවී ඇති බව මහනුවර පොලීසිය කියයි.

    මෙම පිරිස බඹර ප්‍රහාාරයකට ලක්ව සිටින බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමෙන් අනතුරුව 1990 ගිලන් රථ යොදා ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගත් බව මහනුවර පොලීසියේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img