තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිතුරාව මරා පුළුස්සයි - වගුරු බිමකින් සිරුරේ කොටස් හමුවේ

    මිතුරාව මරා පුළුස්සයි – වගුරු බිමකින් සිරුරේ කොටස් හමුවේ

    ජා- ඇල තුඩැල්ලේ පදිංචි 34 හැවිරිදි පුද්ගලෙයකුව මරා පුළුස්සා සිරුරේ කොටස් වගුරු බිමකට දැමූ පුද්ගලයෙකුව පමුණුගම පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම අපරාධය සිදුව ඇත්තේ පසුගිය 19 වෙනිදා රාත්‍රී කාලයේදීය.

    ඝාතනයට ලක්ව ඇත්තේ රංග පෙරේරා නැමැති අයෙකි. ඔහුගේ ඝාතනයට අත්අඩංගුවට ගෙන ඇත්තේ පමුණුගම බෝපිටියේ පදිංචිකරුවෙක් වන කුමාර පෙරේරා (42) නැමැති පුද්ගලයෙකි.

    මරණකරුත් සැකකරුත් මිතුරන්ය. ඔවුන් දෙදෙනා 19 වෙනිදා බෝපිටියේදී එකට මත්පැන් පානයකර ඇති බවද අනාවරණය වී ඇත.

    සිය සැමියා 19 වෙනිදා රාත්‍රී කාලයේදී නිවසට නොපැමිණි බැවින් ඔහු සොයා ගන්නට නොහැකි වූ තැන 20 වෙනිදා ඔහුගේ බිරිඳ විසින් ඒ ගැන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

    ඇය එහිදී පොලීසියට පැමිණිලිකර ඇත්තේ පමුණුගම බෝපිටිය පැත්තේ ඔහු තවත් අයෙක් සමඟ මත්පැන් පානය කරමින් සිට ඇති බවට තමාට තොරතුරක් ලැබුණු බවය.

    බිරිඳ විසින් ලබාදුන් තොරතුර ඔස්සේ පොලීසිය අතුරුදන් වූ පුද්ගලයා සොයා විමර්ශන පවත්වමින් අවසන්වරට ඔහු මත්පැන් පානය කලායැයි කියන පුද්ගලයා සොයාගොස් ඔහුගෙන් ප්‍රශ්නකර ඇත. එහිදී ඔහුගේ හැසිරීම ගැන ඇතිවුණු සැකයක් මත රදවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී සියල්ල හෙළිවී තිබේ.

    පුද්ගලික ආරවුලක් හිතේ තබාගෙන සිට මත්පැන් පානයකිරීමෙන් අනතුරුව පිහියකින් ඇන මරා සිරුර පුළුස්සා එහි කොටස් පමුණුගම නිල්සිරිගම වගුරු බිමට දැමූ බවද සැකකරු එහිදී පවසා ඇත.

    ඒ් අනුව පොලීසිය එම වගුරු බිම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී සිරුරේ කොටස් රැසක් හමුවී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img