fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දේශීය ණය ගැන යෝජනාවේ මැතිසබේ විවාදය අද

    දේශීය ණය ගැන යෝජනාවේ මැතිසබේ විවාදය අද

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වේ.

    ඒ සඳහා අද පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්විය.

    පෙ.ව. 09.30 සිට ප.ව. 07.30 දක්වා එම විවාදය පැවැත්වෙනු ඇත.

    විවාදය අවසානයේ ස්වෛරීත්ව ණය තිරසරභාවය නැවත ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තකරණය ක්‍රියාත්මක කිරීම සඳහා වන යෝජනාව සම්මත කිරීමට අදාළ ඡන්දයක් පැවැත්වීමට ද නියමිත ය.

    මෙම ඡන්දයේදී ණය යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේගය නිවේදනය කර තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.