ජුනි මාසයේදී පාරිභෝගික උද්ධමනය 12%ක් දක්වා පහළ බැස ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව අද (30) දින නිකුත් කළ කොළඹ නාගරික පාරිභෝගික උද්ධමනය පිළිබඳ නිවේදනය මගින් මේ බව අනාවරණය විය.
ඒ අනුව ජුනි මාසය තුලදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය ඉකුත් මැයි මාසයට සාපෙක්ෂවය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවට ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තුමේන්තුවේ දත්ත වාර්තා අනාවරණ්‍ය කරයි.
එම දෙපාර්තමේන්තු දත්තවලට අනුව ඉකුත් මැයි මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමනය සියයට විසි පහයි දශම දෙකක් ලෙස සඳහන්ව තිබිණි.
මේ අතර ඉකුත් කාලයේදී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂමය මත පදනම්ව ගණනය කරන උද්දමනය ජුනි මාසයේදී 4.1%ක් දක්වා පහළ ගොස් ඇති බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහිදී ඉකුත් මැයි මාසයේදී මෙම කාණ්ඩයේ උද්ධමනය 21.5%ක් අගයක පැවති බවද ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.
මේ අතර , ජුනි මාසය සදහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය සියයට 16.2%ක අගයක් දක්වා පහත වැටී ඇති අතර එය මෙම වසරේ මැයි මාසයේ දී සියයට 27% ලෙස වාර්තා විය.