fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ණය වැඩසටහනට COPF අනුමැතිය -යෝජනාව හෙට මැතිසබයට

    ණය වැඩසටහනට COPF අනුමැතිය -යෝජනාව හෙට මැතිසබයට

    දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.

    ඒ එම සභාවේ සමාජිකයන්ගේ බහුතර කැමැත්ත මත ය.

    එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද(30) පැවති රැස්වීමෙන් අනතුරුව මෙම අනුමැතිය ලබාදී ඇත.

    අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ගත යුතු ය.

    හෙට(01) මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂිත ය.

    රජයේ මුදල් පිළිබඳ කාරක සභාව, ඊයේ(29) පස්වරුවේ ද පැවැත්විණි.

    එම රැස්වීමේ මුල් භාගයේදී මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන සහ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නියෝජනය කරන ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්විණි.

    රැස්වීමේ දෙවන භාගයේදී බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය අරමුදල් සහ ආයතන හිමියන් සමඟ සාකච්ඡා පවත්වා ඇත.

    පැවැත්වූ පුළුල් සාකච්ඡාවලින් අනතුරුව, සංශෝධනවලට යටත්ව යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමතිය ලබා දීම සිදුවිය.

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කාරක සභා සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් මීට එක්ව සිටියහ.

    මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබද යෝජනාවට පාර්ලිමේන්තුවේදී විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කර තිබේ.

    ඔබේ අදහස් දක්වන්න.