fbpx
තවත්
    මුල් පිටුවspecialඇමරිකානු තාක්ෂණයෙන් ඔත්තු බලන චීන බැලුන්

    ඇමරිකානු තාක්ෂණයෙන් ඔත්තු බලන චීන බැලුන්

    මෙම වසර මුලදී එක්සත් ජනපදය හරහා ගමන් කළ චීන ඔත්තු බැලූ බැලූනය ශ්‍රව්‍ය දෘශ්‍ය තොරතුරු රැස් කිරීමට ඇමරිකානු තාක්‍ෂණය භාවිතා කළ බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඊයේ (28) වාර්තා කළේය.

    ඒ අනුව අදාල ඔත්තු බැලීමේ බැලුන් සම්බන්ධයෙන් පැවැත්වූ මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ කරුණු මගින් චීනය ඇමරිකානු තාක්ෂණය භාවිතා කර බවට අනාවරණය වී ඇති බවද එම පුවත්පත සඳහන් කරයි.

    එක්සත් ජනපද ආරක්ෂක සහ ඔත්තු සේවා ආයතන කිහිපයක විශ්ලේෂණයන්ගෙන් අනාවරණය වී ඇත්තේ අදාල බැලූනය වාණිජමය වශයෙන් ලබා ගත හැකි එක්සත් ජනපද ආම්පන්න රැගෙන ගොස් ඇති බවයි. එහිදී බැලුනය විසින් ලබාගන්නා ඡායාරූප, වීඩියෝ සහ වෙනත් තොරතුරු රැස් කිරීම සඳහාත් ඒවා චීනය සන්නිවේදනය කිරීම සඳහත් වඩාත් විශේෂිත චීන සංවේදක සහ වෙනත් උපකරණ යොදාගන ඇති බවද අදාල විමර්ශන වලින් හෙළි කරගැනීමට අවස්ථාව හිමිව තිබේ.

    මෙම යානය චීනය ප්‍රකාශ කළ පරිදි කාලගුණ නිරීක්ෂණ සඳහා නොව ඔත්තු බැලීම සඳහා වූවක් බවට නිගමනයකට එළැඹීමට මෙම නව සොයා ගැනීම මගින් හැකියාව ලැබී ඇති බවද අදාල පුවත්පත් වාර්තාව සඳහන් කරයි.

    කෙසේවතත් අදාල බැලුනය ඇලස්කාව, කැනඩාව සහ ඇතැම් එක්සත් ජනපදයට යාබද ප්‍රාන්ත හරහා ගමන් කරන විට චීනයට දත්ත සම්ප්‍රේෂණය කර බවත් හඳුනා ගැනීමට නොහැකි වී ඇති බවද වොල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කරයි.

    මෙම වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ එෆ්.බී.අයි ආයතනය හෝ ධවල මන්දිරය අදහස් දැක්වීමෙන් වැලකී ඇති බවද එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කරයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.