හරක් කටා නැමැති පාතාලයේ අපරාධකරුගේ ගෝලයෙක් වන දිලුම් සංජීව නැමැති පුද්ගලයා බන්ධනාගාරගතව සිටිමින් ජංගම දුරකථනවලින් ව්‍යාපාරිකයන්ට දුරකථන ඇමතුම් දෙමින් තර්ජනයකර කප්පම් ගැනීම්වල නිරතව සිටින බව ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙළිකරගෙන තිබේ.
විවිධ පාතාල අපරාධකරුවන්ගේ නම් පවසමින් ව්‍යාපාරිකයන්ව බිය ගන්වා ඔහු කප්පම් මුදල් ලබාගනු ලබන්නේ බැංකු ගිණුම් අංක ලබාදෙමින් කප්පම් මුදල් එම ගිණුම්වලට බැරකරන ලෙස පවසමිනි.
එසේ කප්පම් මුදල් බැරවූ ගිණුම් 05ක් හිමි කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 05 දෙනෙක් ද ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් බෙලිඅත්ත, සූරියවැව, තංගල්ල, ගාල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.