තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටියක ඖෂධ සමඟ හොර දොස්තර අල්ලයි

    කෝටියක ඖෂධ සමඟ හොර දොස්තර අල්ලයි

    පානදුර කෙසෙල්වත්ත සරික්කමුල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යමින් සරික්කම්මුල්ල ගම්වැසියන්ට වසරකට වැඩි කාලයක් තිස්සේ ප්‍රතිකාර කල ව්‍යාජ වෛද්‍යවරයෙක් පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

    මෙම වෛද්‍යවරයා 30 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති විවිධ වර්ගයේ ඖෂධ රැසක්ද සොයාගෙන ඇත. ඒ අතර ගබ්සා සඳහා යොදාගන්නා තහනම් ඖෂධයක්ද තිබී සොයාගෙන තිබේ. සොයාගත් ඖෂධ අතර කල්ඉකුත් වූ ඖෂධ රැසක්ද තිබී ඇත. රෝගීන්ට එම ඖෂධ පවා ඔහු විසින් නිකුත්කර ඇති බව දූෂණ මර්දන බලකාය සඳහන් කරයි.

    මෙම ස්ථානයේ මෙයට පෙර වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත්තේ ඔහුගේ මාමා විසිනි. මාමා දැන් මියගොස් ඇති බවද අනාවරණය වී ඇත. ඔහුද සරික්කම්මුල්ලේ ජනතාව අතර ප්‍රසිද්ධ අයෙක් බව දූෂණ මර්දන බලකාය කියයි. විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ ඔහුද හොර දොස්තරයෙක් බවය.

    කලකට පෙර මිය ගිය වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකයක් භාවිතාකරමින් මෙම පුද්ගලයා වෛද්‍යවරයෙක් ලෙස ප්‍රතිකාර කර ඇති බව පෙනී ගොස් ඇත.

    වෛද්‍ය සහතික පවා ඔහු මෙම ස්ථානයෙන් නිකුත්කර ඇති අතර විශාල පිරිසක් දිනකට ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන බව දූෂණ මර්දන බලකායේ නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත.

    මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ ඖෂධ නිකුත් කිරීමට සිට ඇත්තේද නිසි පුහුණුවක් හෝ ඖෂධ පිළිබද නිසි දැනුමක් නොමැති තරුණියකි. ඇයවද මෙහිදී අත්අඩංගුවට ගෙන ඇත. ඇය පෙනී සිට ඇත්තේ හෙදියක් ලෙසිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img