චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ලෝක ආර්ථීක සංසදයේ විධායක සභාපති Klaus Schwab මහතා හමුවෙයි. එම හමුව ඊයේ (26) ටියැන්ජින් නගරයේ දී පැවැත්විණ.
ගෝලීයකරණයත් සමග ලෝක ආර්ථිකයන් දිගු කලක් තිස්සේ එකිනෙක මත රැඳී පවතින බව චීන අගමැතිවරයා එහිදී පැවසීය. ලොව රටවල් අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතුව එකිනෙකාගේ ප්‍රතිලාභ උදෙසා කටයුතු කිරීම නිෂ්පාදන බලවේගවල වර්ධනය සඳහා ඍජුව බලපායි. එසේම එය ප්‍රබල ඓතිහාසික ප්‍රවණතාවක් වනු ඇතැයි ද චීන අගමැතිවරයා පැවසීය. සාමකාමී සංවර්ධන මාවතේ අඛණ්ඩව රැඳී සිටින චීනය, උසස් මට්ටමේ විවෘතභාවයකින් යුතුව සෙසු රටවල් සමග සංවර්ධන අවස්ථා බෙදාගන්නා බව ද හෙතෙම කියාසිටී.
එහිදී අදහස් දැක්වූ ලෝක ආර්ථීක සංසදයේ විධායක සභාපතිවරයා පැවසුවේ, චීනය සමග පවතින හවුල්කාරීත්වයන් පුළුල් කිරීමට තම සංවිධානය සූදානම් බවයි. සන්නිවේදනය ශක්තිමත් කරමින් සහයෝගිතා පුළුල් කර, පොදු ප්‍රතිලාභ සහිත ජයග්‍රහණ අත්පත් කරගැනීමටත්, දේශගුණ විපර්යාස ඇතුළු සෙසු ගෝලීය අභියෝගයන්ට එක්ව මුහුණ දීමටත් සියලු පාර්ශ්ව දිරිගන්වන බව ද හෙතෙම පැවසීය.
චීන අගමැති සහ ලෝක ආර්ථික සංසදයේ විධායක සභාපති අතර හමුවක්
මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.