කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කොළඹ වංචා විමර්ශ කාර්යාංශය වීසා ලබාගැනීමේ අපේක්ෂාවෙන් මුදල් ලබාදෙන පුද්ගලයින්ගේ නම් වලින් වත්කම් ප්‍රකාශ ඇතුළු ව්‍යාජ ලෙස ලිපි ලේඛන සකස් කිරීමේ ස්ථානයක් වටලා කාන්තාවන් 05ක් සමඟ 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
නුවර පාරේ මහර කඩවත පිහිටි ස්ථානයක පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ ලේඛන සකස් කිරීමේ ස්ථානය වටලා ඇත්තේ ඊයේ ය.
සමූපාකාර ආයතනයක් ලෙස මෙම ස්ථානය පවත්වාගෙන ගොස් ඇත. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුව කළ පරීක්ෂාවකදී ව්‍යාජ ලේඛන මුද්‍රණය කරනු ලබන්නේ එම ස්ථානයේදී බව හෙළිවූ බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
අධ්‍යාපන වීසා අපේක්ෂා කරන පුද්ගලයින්ට ඔවුන්ගේ නමින් ලංකාවේ වත්කම් ඇති බවට තහවුරු කිරීමේ ලේඛන මෙම ස්ථානයෙන් නිතුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහි තිබී ව්‍යාජ ලේඛන මුද්‍රණ කටයුතු සඳහා යොදාගත් පරිගණක යන්ත්‍ර 03ක්, ලැප්ටොප් 03ක්, මුද්‍රණ යන්ත්‍ර 04ක්, ස්කෑනර් යන්ත්‍ර 01ක්, ව්‍යාජ තැන්පතු සහතික, ගිණුම් ප්‍රකාශ, විවිධ පාස්පොත්, තානාපති කාර්යාල වෙත යැවීමට සසක්කර තිබූ වත්කම් සම්බන්ධයෙන් ලේඛන, විවිධ නිල මුද්‍රා සහ රුපියල් 1,187,130ක මුදලක් ද කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
අත්අඩංගුවටගත් පිරිමි පුද්ගලයා සීදූව පදිංචි වයස අවුරුදු 68ක් වන අයෙකි. සැකකාරියන් වත්තල , රාගම දෙමන්පිටිය , කැලණිය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 47,45,31, 28 සහ 23 යන වයස්වල පසුවන්නන්ය.