තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩු පක්ෂ මැතිඇමතිලාට කොළඹ ඉන්න දැනුම් දෙයි -කැබිනට් සංශෝධනයක්!

    ආණ්ඩු පක්ෂ මැතිඇමතිලාට කොළඹ ඉන්න දැනුම් දෙයි -කැබිනට් සංශෝධනයක්!

    ආණ්ඩු පක්ෂයේ සියලුම මැති ඇමතිවරුන්ට ලබන සතියේ 28 වැනිදා සිට එළඹෙන දීර්ඝ සති අන්තයේදී විදේශගත නොවී කොළඹ රැඳී සිටින ලෙස ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය ලිඛිතව දැනුම් දී ඇත.

    එළඹෙන දීර්ඝ සති අන්තයේදී ජනාධිපති කාර්යාලය මගින් ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ට හදිසි කැඳවීමක් සිදුවිය හැකි බව එම ලිපියේ සඳහන්ව ඇත.

    ලබන සති අන්තයේදී කැබිනට් සංශෝධනයක් සිදුවිය හැකි බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රෝහිත අබේවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, සී.බී රත්නායක, එස්.බී දිසානායක, සරත් වීරසේකර, එස්.එම් චන්ද්‍රසේන ඇතුළු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුට අමාත්‍යධූර ලැබෙනු ඇති බව වාර්තා වේ.

    එමෙන්ම දැනට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ තනතුරු වෙනස්වනු ඇතැයිද වැඩිදුරටත් පැවසේ.

    ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකු මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සඳහන් කළේ තමන්ට ද එවැනි ආරංචියක් ලැබී ඇති බවයි.

    එහෙත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සඳහන් කළ නොහැකි බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img