fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නිට්ටඹුවේ අනතුරකින් හමුදා සෙබළු 5ක් රෝහලේ

    නිට්ටඹුවේ අනතුරකින් හමුදා සෙබළු 5ක් රෝහලේ

    යුධ හමුදා නිලධාරීන් 06 දෙනෙකු රැගත් වෑන් රථයක් අද අලුයම කොළඹ-නුවර පාරේ රදාවඩුන්න ප්‍රදේශයේදී බවුසරයක් ගැටී හමුදාවේ 05 දෙනෙකු බරපතල තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර තිබේ.

    පොල්හේන්ගොඩ යුධ හමුදා කඳවුරේ සිට ගිරිතලේ කඳවුරට රාජකාරි කටයුත්තක් සඳහා ගමන් කරමින් සිටි නිලධාරීන් පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇත.

    මාණ්ඩලික සැරයන්වරයෙක්, සැරයන්වරයෙන්වරයෙක් සහ කෝප්‍රල්වරු තිදෙනෙක් තුවාල ලැබූවන් අතර සිටිති.

    බවුසරයේ රියදුරුගේ වරදින් මෙම අනතුර සිදුව ඇති බව මේ පිළිබදව විමර්ශන පවත්වන නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.

    ඒ අනුව බවුසරයේ රියදුරු අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලීසිය සඳහන් කළේය.

    ඔබේ අදහස් දක්වන්න.