තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මගී බස් රථයක් තුළදී තරුණියකට අතවර කළ සැරයන්ට වැඩ වරදියි

    මගී බස් රථයක් තුළදී තරුණියකට අතවර කළ සැරයන්ට වැඩ වරදියි

    පිටකොටුවේ සිට කොට්ටාව බලා ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් තුළදි 19 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුව මගීන් සමඟ එක්ව කොන්දොස්තර සහ රියදුරු එක්ව අල්ලා කිරුලපන පොලීසියට භාරදී ඇත.

    විශේෂ කාර්ය බලකායේ මරදාන කදවුරේ සේවයේ නිරතව සිටින මෙම සැරයන්වරයා තරුණියට අතවරකර ඇත්තේ ඇය අසලම අසුනේ අසනුගෙන ඇගේ රහස් ප්‍රදේශය අතගාමිනි.

    තරුණිය විසින් ඒ හැම දෙයක්ම සිය ජංගම දුරකථනයේ වීඩියෝගතකර අනතුරුව කෑ ගසා ඇති බව කිරුලපන පොලීසිය කියයි. එහිදී මගීන් එක්ව සැකකාර පොලිස් නිලධාරියාව අල්ලා කොන්දොස්තර සහ රියදුරුගේ සහය ඇතිව කිරුලපන පොලිස් ස්ථානයට භාරදී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img