fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවසට ප්‍රහාරයක්

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවසට ප්‍රහාරයක්

    රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් ගෝනවල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි දෙමහල් නිවසට ඊයේ රාත්‍රී 11ට පමණ කිසියම් පිරිසක් විසින් ගල් ප්‍රහාරයක් එල්ලකර ඇත.

    මෙම ගල් ප්‍රහාරයෙන් නිවසේ ජනේල් 08ක වීදුරුවලට හානි වී ඇති බව සපුගස්කන්ද පොලීසිය කියයි.

    මෙම ගල් ප්‍රහාරය එල්ලවන විට නිවසේ කිසිවෙක් සිට නැත.

    කැලණියේ පිහිටි නිවස පසුගිය වසරේ මැයි 09 වෙනිදා ගිනි තැබීමෙන් පසු මෙම නිවසේ පදිංචියට ඔහු සිය දරුවන් සමග ගොස් සිටි බව සදහන්ය.

    ඔබේ අදහස් දක්වන්න.