පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින් කඩිනමින් අඩු කළ යුතු බවට වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු බේකරි හිමියන්ට යෝජනා කරයි.
තිරිඟු පිටි නිශ්චිත භාණ්ඩයක් ලෙස නම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලද්දේ තිරිඟු පිටි මිල වැඩි කිරීමට සමාගම් කටයුතු කිරීමට ඉඩ ඇති නිසා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
නව ගැසට් නිවේදනයට අනුව දේශිය තිරිඟු පිටි සමාගම් ඉදිරියේදී තිරිඟු පිටි මිල වැඩි කරන්නේ නම් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු ය.
මේ අතර බේකරි නිෂ්පාදන සඳහා බිත්තර ලබා දුන්නද කිසිදු බේකරි භාණ්ඩයක මිල අඩු කිරීමක් සිදු කර නොමැති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය (AICOA) අද ප්‍රකාශ කළේය.