නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවෙන් ලික්විෆයිඩ් පෙට්‍රෝලියම් ගෑස් (Liquefied petroleum gas -LPG හෝ LP gas) ඉවත් කොට අත්‍යාවශ්‍ය භාණ්ඩයක් ලෙස තිරිඟු පිටි ඇතුළත් කිරීමට රජය පියවර ගෙන තිබේ.
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව තිරිඟු පිටි පසුගිය 16 දා සිට බලපවත්වන පරිදි නිශ්චිත භාණ්ඩයක් ලෙස ඇතුළත් කර තිබේ.
එල්පී ගෑස් එම ලැයිස්තුවෙන් ඉවත් කිරීම එදින නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ඉවත් කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිර්වචනයට අනුව, අමාත්‍යවරයාගේ මතය අනුව අධිකාරියෙන් විමසා ජන ජීවිතයට අත්‍යාවශ්‍ය වන යම් භාණ්ඩයක් හෝ යම් සේවාවක් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයක් මඟින් ඒ භාණ්ඩ හෝ සේවාව අවස්ථාවට උචිත පරිදි ‘නිශ්චිත භාණ්ඩ’ හෝ ‘නිශ්චිත සේවා’ ලෙස නම් කරනු ලබයි.
ඒ අනුව නිශ්චිත භාණ්ඩ ලැයිස්තුවෙන් එල්පී ගෑස් ඉවත් කිරීමට හා තිරිඟු පිටි ඇතුළත් කිරීමට අදාළ ගැසට් නිවේදනය පහත දැක්වේ.