රුසියාව විසින් දැනටමත් පළමු උපක්‍රමශීලී න්‍යෂ්ටික අවි බෙලරුසියේ ස්ථානගත කර ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැවසීය.
ශාන්ත පීටර්ස්බර්ග් හි පැවති රුසියාවේ ප්‍රමුඛතම ආර්ථික සංසදයේදී අදහස් දක්වමින් පුටින් පැවසුවේ රුසියානු උපායශීලී න්‍යෂ්ටික යුධ ශීර්ෂ දැනටමත් සමීප මිතුරෙකු වන බෙලාරුස් වෙත ලබා දී ඇති නමුත් රුසියාවට න්‍යෂ්ටික අවි භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව තමා අවධාරණය කරන බවයි.
“ඔබ දන්නා පරිදි, අපි මෙම උපායශීලී න්‍යෂ්ටික අවිවලින් කොටසක් බෙලරුස් භූමියට ගෙන යාම සඳහා අපගේ සමීප මිතුරකු වන බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ සාකච්ඡා කරමින් සිටිනා ඒ අනුව මෙම න්‍යෂ්ටික අවි බෙලරුසයට ගෙනයාම සිදුව තිබෙනවා,” යනුවෙන් පුටින් එහිදී ප්‍රකාශ කළේය.
“පළමු න්‍යෂ්ටික අවි බෙලරුසට ගෙනයාම සිදුකළා. නමුත් ඒ පළමු කොටසේ පමණයි. අපි ගිම්හානය අවසන් වන විට හෝ වසර අවසානය වන විට මෙම කාර්යය සම්පූර්ණයෙන්ම අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්ද හෙතෙම පැවසීය.
සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව රුසියානු භුමියෙන් පිටත න්‍යෂ්ටික අවි රැගෙන ගිය ප්‍රථම අවස්ථාවද මෙය වන අතර එය යුක්‍රේනයට අවි සැපයීම සිදුකරන බටහිර රාජ්‍යන්ට අනතුරු ඇඟවීමක් බවද රුසියානු ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය දැඩි ලෙස රුසියාවට දෝෂාරෝපණයට ලක්කර ඇත. එහෙත් එක්සත් ජනපදය සඳහන් කර සිටියේ රුසියාව විසින් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමත් සිදුකරනු ඇති බවට තමන් විශ්වාස නොකරන බවයි.