වායු දූෂණය ඉහළ යාම නිසා මෙරට හදවත් රෝගීන් වැඩිවීමේ ඉහළ අවදානමක් ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ද වායු දූෂණය කෙමෙන් ඉහළ යමින් තිබෙන හෙයින් එම අවදානම හටගෙන තිබෙන බව ද ජනතාව ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවද පතිරණ මහතා කීය.
එළිමහනේ ගමන් කරන විට හැකි හැම අවස්ථාවකම මුව ආවරණ පැළදීමෙන් මෙම අවදානම අඩුකර ගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ වායු දූෂණය හා හෘද රෝග පිළිබඳ විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.