විදේශගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස පහ තුළදී පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 2300 කට වඩා වැඩි මුදලක් මෙරටට එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
මැයි මාසයේදී පමණක් එවූ මුදල ඇමරිකානු ඩොලර් මිලියන 480කි.
පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.
මේ ආකාරයට මේ වසර තුළදී එවා ඇති ඩොලර් ප්‍රමාණය රුපියල් බිලියන 792 ක් වන බවද ඔහු කීවේය.
මේ වසරේ ජනවාරි මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 437.5ක මුදලක් එවා තිබෙන අතර පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 407.4ක මුදලක් එවා තිබේ.
මාර්තු මාසයේදී පමණක් විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 868.3 ක මුදලක් එවා ඇත. අප්‍රේල් මාසයේදී විදේශ ගත ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 454 ක මුදලක් මෙරටට එවා තිබුණි.