fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව ගැන චීනයෙන් චෝදනා

    න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව ගැන චීනයෙන් චෝදනා

     
    ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව පිළිබඳව චීනය චෝදනා කරයි.

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ චීන ස්ථාවර නියෝජිත ලි සොන්ග් මහතා ඊයේ (8) දේශනයක් පවත්වමින් මේ බව පැවසීය.

    ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ජූනි මස විධායක සභාව වියානා නගරයේ දී පැවැත්වේ. චීනයේ යෝජනා අනුව එම ඒජන්සිය 8 වතාවක්  අන්තර් රාජ්‍ය මට්ටමින් ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතා ප්‍රශ්නය විමර්ශනය කරමින් සාකච්ඡා කර තිබේ.

    මෙම සහයෝගිතාවේ හරය වන්නේ න්‍යෂ්ටික අවි සහිත රටවල් වන ඇමරිකාව හා බ්‍රිතාන්‍යය, න්‍යෂ්ටික අවි රහිත යුදමය රට වන ඔස්ට්‍රේලියාව සමග න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතා පැවැත්වීම බව ලි සොන්ග් මහතා පෙන්වාදෙයි.

    මේ රටවල් තුන ප්‍රයත්න දරන්නේ, න්‍යෂ්ටික සබ්මැරීන සහයෝගිතාව, න්‍යෂ්ටික අවි රහිත රාජ්‍යයන් සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ ලේකම් කාර්යාලය අතර ඇති සාමාන්‍ය ආරක්ෂණ ගැටළුවක් ලෙස හුවා දැක්වීම සඳහා යි.

    සැබැවින්ම, ඔවුන් මෙම සහයෝගිතාව අනුමත කරන ලෙස  ලේකම් කාර්යාලයට බල කර සිටින බව ද චීන නියෝජිතයා පෙන්වාදෙයි.

    එසේම, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව අතර න්‍යෂ්ටික සබ්මැරින සහයෝගිතාව, දේශපාලන, ආරක්ෂක, නීති සහ තාක්ෂණ යනාදී ක්ෂේත්‍රවල සංකීර්ණ අර්බුද රැසක් හා සම්බන්ධ වේ. මේ නිසා විවෘත භාවය, වෙනස්කම් පිළිගැනීම, විනිවිද භාවය මෙන්ම තිරසර භාවය සහිත රජයන් අතර සාකච්ඡා ක්‍රියාදාමය ප්‍රවර්ධනය කිරීම වර්තමානයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් ව ඇතැයි ද Li Song මහතා අවධාරණය කළේය.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.