තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපති ගුවන් ආරක්ෂක පද්ධතිය පැත්තේ ඩ්‍රෝන් යැවූ සරසවි සිසුවා අත්අඩංගුවට

    ජනපති ගුවන් ආරක්ෂක පද්ධතිය පැත්තේ ඩ්‍රෝන් යැවූ සරසවි සිසුවා අත්අඩංගුවට

    ජනාධිපති ගුවන් ආරක්ෂක පද්ධතිය පිහිටි ගොඩනැගිල්ලක් ආසන්නයේ ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කල පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිසුවෙකුව ගුවන් හමුදාවේ දැනුම්දීමකට අනුව බම්බලපිටිය පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ. ‍ෙ

    මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කරන අයුරු දුටු ජනපති ගුවන් ආරක්ෂක අංශයේ සේවයේ නිරත ගුවන් හමුදා නිලධාරින් වහාම ඒ බව බම්බලපිටිය පොලීසිය දැනුවත්කර කළ බවත් ඒ අනුව ඔහුව අත්අඩංගුවටගත් බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    නොරොච්චෝලේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධ්‍යාපනය ලබන්නේ කොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික විශ්වවිදයාලයකය.
    බම්බලපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති ආපන ශාලාවකට වසරක් පිරීම සැමරීම සඳහා මෙම ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කළ බව සැකකාර සිසුවා පොලීසියට පවසා ඇත. මේ ගැන පුළුල් විමර්ශනයක් පවත්වන බව පොලීසිය කියයි. ඊට හේතු වී ඇත්තේ මෙම ඩ්‍රෝන යානාව ගුවන් ගත කිරීමට මෙන්ම ළඟ තබාගැනීමටද ඔහුට බලපත්‍ර නොමැති බැවිනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img