fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලන්කන් අලුත්වැඩියාවක් ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    ශ්‍රීලන්කන් අලුත්වැඩියාවක් ගැන කැබිනට්ටුවෙන් තීරණයක්

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ Honeywell අතිරේක බල සැපයුම් ඒකක අලුත්වැඩියා කොන්ත්‍රාත්තුව Honeywell International SARL වෙත පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

    ඒ වසර 02ක කාලසීමාවක් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 15.3ක ඇස්තමේන්තුගත මිලකට අවම මිල ගණන් ඉදිරිපත් කළ අදාළ සමාගමට පැවරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ Honeywell අතිරේක බල සැපයුම් ඒකක අලුත්වැඩියාව සඳහා සීමිත ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවා තිබුණි.

    ඒ සඳහා ලංසු තුනක් ලැබී තිබුණි.

    තාක්ෂණික ඇගයීම් කමිටුවේ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත පදනම්ව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය මෙම අනුමැතිය ලබාදී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.