fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙහෙත් මිල ලබන 15 වැනිදා සිට පහළට

    බෙහෙත් මිල ලබන 15 වැනිදා සිට පහළට

    ඖෂධ වර්ග 60ක උපරිම සිල්ලර මිල 16%කින් අඩු කිරීමට රජය පියවර ගෙන තිබේ.

    ලබන 15 දින සිට එය ක්‍රියාත්මක ය.

    එමෙන්ම සෑම මාස තුනකට වරක්ම ඖෂධ මිල සමාලෝචනය කිරීමට ද තීරණය කර ඇත.

    සෞඛ්‍ය අමාත්‍යවරයා මේ පිළිබබඳ ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ පිහිටුවා ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරිය මඟින් ඖෂධවල මිල නියම කිරීම හා සම්බන්ධ සියලු කාරණා සඳහා නියාමක ලෙස කටයුතු කරනු ලබයි.

    ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සැලකිල්ලට ගනිමින්, ඖෂධවල උපරිම සිල්ලර මිල අවස්ථා කිහිපයකදී 97%ක් දක්වා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනුමැතිය ලබා දී තිබුණි.

    රජය විසින් අනුගමනය කරනු ලබන වත්මන් ආර්ථික ස්ථායීකරණ වැඩසටහනේ ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයේ අගය සැලකිය යුතු මට්ටමින් අඩු වී තිබේ.

    ඖෂධ මිල මෙවර අඩුකරනු ලබන්නේ ඒ අනුවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.