තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට යන්න හදද්දී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

    රට යන්න හදද්දී නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

    ආගම් පිළිබඳ අපහාසාත්මක ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරිය නමැත්තිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ ඇය රටින් පිටවීමට උත්සාහ කරමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී ය.

    පසුගිය දා පැවති ප්‍රහසන සංදර්ශනයකදී බුදු දහම, ක්‍රිස්තියානි ආගම ඇතුළු ආගම්වලට අපහාස කළ බව කියන කාන්තාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සෙනසුරාදා පැමිණිල්ලක් ලැබී තිබුණි.

    නතාෂා එදිරිසූරිය නම් එම කාන්තාව සිදු කළ ප්‍රකාශයන් ඇතුලත් වීඩියෝව අන්තර්ජාලයට මුදාහැරීමත් සමග දැඩි විවේචනයට ලක් විය.

    අනතුරුව එම කාන්තාව සහ එම වීඩියෝව අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියහ.

    සමාව අයැද සිටියද, බොහෝ පාර්ශවයන් ඇයගේ ප්‍රකාශයන් අතරතුර භාවිතා කරන ලද අපහාසාත්මක භාෂාව දැඩි ලෙස විවේචනය කර තිබුණි.

    මේ අතර මෙලෙස ආගම් ගැන අපහාසාත්මක ප්‍රකාශ කල දේවගැති ජෙරම් ප්‍රනාන්දු ද ඊයේ යළි සමාව අයැද තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img