fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොසොන් වන්දනාවට අ'පුරට දුම්රිය වාර 20ක් - බස් රථ 500ක්

    පොසොන් වන්දනාවට අ’පුරට දුම්රිය වාර 20ක් – බස් රථ 500ක්

    මෙවර ජාතික පොසොන් උත්සවය මිහින්තලය, අනුරාධපුර හා තන්තිරිමලය පුදබිම් කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.

    පොසොන් සතිය ඇරඹෙන්නේ මැයි මස 31 වන දා සිට ජූනි මස 6 වන දා දක්වායි.

    මෙවර පොසොන් උත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසා දීමට මේ වන විටත් නගරය කේන්ද්‍ර කොට ඇති රාජ්‍ය හා පෞද්ගලික ආයතන සූදානමින් සිටී.

    මෙම කාලය තුළ අතිරේක දුම්රිය ගමන් වාර කිහිපයක් යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    ඒ අනුව පිටකොටුවේ සිට අනුරාධපුර දක්වා දැනට පවතින දුම්රිය ගමන් වාර 10ට අමතරව තවත් දුම්රිය ගමන් වාර 10 ක් අලුතින් එක් කිරීමට නියමිතයි.

    ඒ අනුව ඒමට ගමන් වාර 5ක් සහ යාමට ගමන් වාර 5ක් ලෙස එම ගමන් වාර යෙදවෙනු ඇති. අවශ්‍යතාව මත තවදුරටත් දුම්රිය සේවාවන් එක් කිරීමට බලාපොරොත්තු වේ.

    අනුරාධපුරය දිස්ත්‍රික්කය පුරා මෙවර පොසොන් උත්සව සමයේ අතිරේක බස් රථ 400ක් යොදවා ඇතැයි ශ්‍රි ලංකා ගමනාගමන මණ්ඩලය හා උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරයි.

    පිටකොටුවේ සිට අනුරාධපුර දක්වාත් අතිරේක ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මකයි.

    මෙවර බැතිමතුන් විශාල පරිසකගේ සහභාගිත්වය අපේක්ෂා කරන බැවින් තවත් බස් රථ 100ක් සූදානම් කොට තබන බව එම අධිකාරය වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.