fbpx
තවත්
    මුල් පිටුවspecialජර්මනිය ආර්ථික අවපාතයක

    ජර්මනිය ආර්ථික අවපාතයක

    යුරෝපයේ විශාලත ආර්ථිකය වන ජර්මනිය ආර්ථික අවපාතයකට ලක්ව ඇති බවට එරට ෆෙඩරල් සංඛ්‍යාලේඛන කාර්යාලය විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක් මගින් අනාවරණය වේ.

    ඒ අනුව මෙම වසරේ මුල් මාස තුනක කාලය තුලදී ජර්මනියට බලපෑ අධික උද්ධමනය තත්ත්වයේ බලපෑම් මත මෙලෙස ආර්ථික අවපාතයකට මුහුණ දීමට සිදුව ඇත බව දත්ත වාර්තා පෙන්නුම් කරයි.

    රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් අනතුරුව රුසියාවට පැනවූ ආර්ථික සම්බාධක හේතුවෙන් ගෑස් සැපයුම් බිඳ වැටීමද මීට විශාල සාධයක්වූ බව විශ්ලේෂකයෝ පවසති.

    මේ හේතුවෙන් ජර්මනියේ ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ ආර්ථිකය සියයට බිංදුවයි දශම තුනකින් හැකිලී ඇති බව එරට ෆෙඩරල් සංඛ්‍යාලේඛන කාර්යාලය පවසයි. ඊට අතිරේකව ඉකුත් වසරේ අවස් මාස තුනක කාලය තුලද සියයට බිංදුවයි දශම පහක ආර්ථික හැකිලීමක්ද වාර්තා විය.

    ඒ අනුව අඛණ්ඩව මාස තුනක කාලපරිච්ඡේදයක් දෙකක් හෝ කාර්තු දෙකක කාලයක් එම ආර්ථිකයක හැකිලීමක් වාර්තා වන්නේ නම එය ආර්ථික අවපාතයක් ලෙසට සලකනු ලැබේ.

    ජර්මනියේ උද්ධමන අනුපාතිකය අප්‍රේල් මාසයේදී සියයට හතයි දශම දෙකක් වූ අතර එය යුරෝපා කලාපයේ පැවති සාමාන්‍යයට වඩා වැඩි වුවද එක්සත් රාජධානියේ පැවති සියයට අටයි දශම හතක උද්ධමනයට වඩා අඩු අගයකි.

    මෙහිදී ආහාර, ඇඳුම් සහ ගෘහ භාණඩ වල මිලගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතරම බලශක්ති මිල ගණන් ඉහළයාම හේතුවෙන් කාර්මික අංශයේ යම් පසුබෑමක්ද වාර්තා වේ.

    ජර්මනියේ ෆෙඩරල් සංඛ්‍යාලේඛන ඒජන්සිය සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ අධික මිල වැඩිවීම් අඛණ්ඩව පැවතීම ජර්මානු ආර්ථිකයට බරක් බවට පත්ව ඇති බවයි.

    ඒ අනුව මේවන විට රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට පිලිතුරු වශයෙන් රුසියානු ආර්ථිකය බිඳ වැට්ටවීමට යුරෝපා සංගමය විසින් පැනවූ ආර්ථික සම්බාධක වල බලපෑම ඔවුන්ටම විඳ ගැනීමට සිදුවී ඇති අතර මෙම කාලයේදී යුරෝපා සංගමයට සාපෙක්ෂව රුසියානු ආර්ථිකයේ සැලකිය යුතු වාර්ධනයක් පෙන්නුම් කිරීමද විශේෂත්වයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.